
තමන් දැන්මම ‘කොවිඩ්-19’ එන්නත නොගන්නා බවත් එසේ වුවත් සුදුසු වේලාවේදී එන්නත ලබාගන්නා බවත් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.
ඇමෙරිකාවේ ෆයිසර් සහ ජර්මනියේ බයෝඇන්ටෙක් සමාගම් ද්විත්වය එක්ව නිෂ්පාදනය කළ ‘කොවිඩ්-19’ එන්නත ඇමෙරිකානු ජනාතවට ලබාදීම අද (14) ආරම්භ වේ.
ඒත් සමඟ ජනාධිපති ට්‍රම්ප් ට සහ ධවල මන්දිරයේ කාර්යමණ්ඩලයට වයිරස එන්නත ලැබෙන්නේ ද නැද්ද යන්න සම්බන්ධයෙන් විවිධ වාර්තා පළ විය. ඊට ප්‍රතිචාර දක්වමින් ජනාධිපති ට්‍රම්ප් එම ට්විටර් පණිවුඩය නිකුත් කර තිබිණි.
“විශේෂයෙන් අවශ්‍ය නැතිනම් ධවල මන්දිරයේ වැඩ කරන අයට එන්නත ලැබිය යුත්තේ එන්නත් වැඩසටහනේ අවසන් අදියරේදී. වැඩසටහනේ අදාළ වෙනස කරන්නැයි මා ඉල්ලීමක් කළා. මා දැන්මම එන්නත ලබාගන්නේ නැහැ. එහෙත් සුදුසු වේලාවේදී එන්නත ලබාගන්න බලාපොරොත්තු වෙනවා. ස්තූතියි” යැයි ජනාධිපති ට්‍රම්ප් නිකුත් කළ ට්විටර් පණිවුඩයේ දැක්විණි.
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ‘කොවිඩ්-19’ නව කොරෝනා වයිරසය ආසාදනය වී සුවය ලැබූ බැවින් ඔහුට එන්නත අවශ්‍ය නොවන බව පැවසේ. කෙසේ නමුත් ඇමෙරිකානු ජනතාව අතර විශ්වාසය වැඩි කිරීමේ අරමුණින් ජනාධිපති ට්‍රම්ප් එන්නත ලබාගැනීමට නියමිත බව පැවසේ.
ඒ.එෆ්.පී./රොයිටර්
055
055
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එන්නත ගන්න යන්නේ ඡන්දෙට කළීන් කොරෝනා හැදුණා කිව්වෙ බොරුවටවත්ද?කියන්න බැහැ ගෝලයෙක් ලංකාවට එවලා උපදෙස් අරන්ගියේ...?