සෞදි අරාබියේ නැගෙනහිර පළාතේ අල් කොබාර් ස්ලාමිය සංස්කෘතික මධ්‍යස්ථානයේ සිංහල අංශය මගින් සංවිධානය කරන ‘සොදුරු රාත්‍රියක මිතුරු හමුව’ නම් අධ්‍යාත්මික වැඩසටහන හෙට (25) රාත්‍රී 9.30 ට අල් කොබාර් ලුලු වෙළෙද සංකීර්ණයේ ඉදිරිපිට උපවාසයෙන් මීදීම සදහා වු කදවුරේදි පවත්වන බව සංවිධායක මණ්ඩලය කියයි.
නොමිලේ ඉදිරිපත් කරන මෙම අධ්‍යාත්මික වැඩසටහනෙහි තේමාවන් වන්නේ ‘මතට තිත - දුරාචාරය පිටු දකිමු - දුම් බීම නවත්තමු’ යන අතර විවිධ සංස්කෘතික වැඩසටහන් කථික තරග ඇතුළු ඔබේ දක්ෂතාවන් එළි දක්වා වටිනා ත්‍යාග ලබා ගතහැකි බවද සංවිධායක මණ්ඩලය කියයි.
0545919777 / 0507936601 දුරකථනයෙන් වැඩි විස්තර ලබා ගන්නැයිද සංවිධායකයෝ ඉල්ලති.
COMMENTS
හොද වැඩසටහනක් හැබයි තෑගි හම්බවුනා හෝ නැතා හෝ මොලයට යමක් හම්බුනොත් ඇති ලංකා ජනතාවගේ ජීවිතය සාර්ථක වෙන්න ? (අ)