ස්තී‍්‍ර දුෂණයක් සම්බන්ධයෙන් සිරගත කර සිටි සැකකරුවෙකුව සිරගෙය බිඳ පිටතට ගෙන ඔහුට වධහිංසා පමුණුවා මරාදැමීමට ඉන්දියාවේ දිමාපූර්හි වැසියෝ පසුගියදා කටයුතු කළහ.ඔහු බංගලිදේශ අනවසර සංක්‍රමණිකයෙකි.
මෙම සැකකරු පාසැල් ශිෂ්‍යයාවක දුෂණය කළේ යැයි සැකපිට අත්අඩංගුවට ගෙන සිටියෙක් බව පැවසෙන අතර ඔහුට එරෙහි නඩු විභාගය පැවැත්වීමට තිබී ඇත්තේ පසු දිනෙකය.
දිමාපූර් වැසියන්ට අනුව එම ශිෂ්‍යාව දුෂණය කර ඇත්තේ මෙම පුද්ගලයාම මිස අන් කිසිවෙකු නොවේ.ඔහුට එරෙහිව හා ප‍්‍රදේශයේ පොලිසියේ ගොලූබෙලි කි‍්‍රයාකාරීත්වයට එරෙහිව විරෝධය දක්වමින් සිරගෙන බිදීමට පෙර දිනයේ සිටම නගරය පුරා විරෝධතා පැවැත්වීමටද ඔවුහු කටයුතු කළෝය.
සිරගෙදර බළධාරීන් පවසන ආකාරයට රාති‍්‍රයේ සිරගෙදර තාප්පය ඉදිරිපිටට පැමිණි නගර වැසියන් කණ්ඩායමක් සිරකරු තමන්ට භාරදෙන්නැයි ඉල්ලා සිට ඇත.පසුව තව තවත් පුද්ගලයින් සිරගෙදර ඉදිරිපසට එක් රැස්වන්නට පටන්ගෙන තිබෙන අවසානයේ ඔවුන් සිරගෙදර ප‍්‍රධාන ගේට්ටුව බිඳගෙන එහි ඇතුළු වුහ.
සිරකරු සොයාගත් පසු ඔහුව පිටතට ගත් දිමාපූර් වැසියෝ ඔහු සම්පූර්ණයෙන්ම නිරුවත් කර නගර මධ්‍යයේ ඔරලෝසු කණුව දක්වා ඔහුව බිම දිගේ ඇදගෙන ගියහ.එසේ යනාතුර වරින් වර නවතිමින් ඔහුට පහර දුන්හ.
අවසානයේ ඔරලෝසු කණුව වෙත ළගාවූ පසු ඔවුහු සිරකරු වැටක එල්ලා දැමුහ.
නගර වැසියන්ගේ ප‍්‍රචණ්ඩත්වය හමුවේ තමන්ට කළහැකි කිසිදු දෙයක් නොතිබුණු බව දිමාපූර් පොලිසිය කියයි.කලබලය පහව යන තෙක් බලා සිට වහ වහා සිරකරු තමන්ගේ භාරයට ගෙන රෝහල් ගත කළද ඒ විටත් ප‍්‍රමාද වැඩිව තිබූ බව ඔවුන් පවසයි.
දුෂකයින්ට එරෙහිව ඉන්දියා ජනතාවගේ ඇති වෛරය පිළිඹිඹු වූ අවස්ථාවක් ලෙස විද්වතුන් මෙම සිදුවීම හඳුන්වාදෙන අතර ඉන්දියා රජය වරදකරුවන්ට නිසි දඩුවම් පැමිණවීමේ යාන්ත‍්‍රණයක් ඇති නොකරන්නේනම් තත්ත්වය තවත් බරපතල වනු ඇති බවට ඔවුන් අනතුරු අගවයි.
අතීතයේදී ස්තී‍්‍ර දුෂණයක් යනු ඉන්දියාවේ සාමාන්‍යකරණයට ලක්ව තිබූවක් වුවද වර්තමානයේ තත්ත්වය එසේ නොවේ.කාන්තා අයිතීන් සුරැකීමට හා කාන්තාවන්ට එරෙහි ප‍්‍රචණ්ඩත්වය පිටුදැකීමට දැන් බොහෝ දෙනා පෙරට පැමිණෙමින් සිටිති.
මෙයට ආරම්භය ලබාදුන්නේ පසුගිය 2012 වසරේ පස් දෙනෙකුගේ කණ්ඩායමක් බස් රථයකදී ඉන්දියා වෛද්‍ය ශිෂ්‍යයාවක් දුෂණය කර මරා දැමිමේ සිදුවීමය.එය ඉන්දියාවේ මෙන්ම ලොව පුරාද මහත් ආන්දෝලනයක් ඇති කළ අතර එයත් සමග කිසිවෙකුත් නොසිතූ ලෙස ඉන්දියා කාන්තාවෝ තමන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කර ගැනීමට ඉදිරියට ආහ.
මෙම තත්ත්වය ඉන්දියා කාන්තාවට යහපත් වුවත් සාමාන්‍ය ජනතාව නීතිය තමන් අතට ගැනීම කිසිසේත්ම සාධාරණීකරණය කළ නොහැක බව විද්වත් මතයයි.ඉන්දියා රජය මේ සම්බන්ධයෙන් සෘජු මැදිහක් කිරීමක් කළ යුතු බව ඔවුහු නැවත නැවතත් අවධාරණය කරති.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැරදී වැඩ කරන අයට දඩුවම් දෙන්න ඕනේ. දඩුවම් කරන්න ඕනේ ප්‍රසිද්ධියේ. (ර)
නිතිය නිසිලෙස ක්‍රියාත්මක නොවීමත් පොදු ජනතාව නිතිය අතට ගැනීමත් අති භයානකයි (නදී).
බල්ලෙක් අපිව හැපුව කියල අපි නැවත ඌව හපනවනම් අපි බල්ලට වඩා වෙනසක් නැති වෙනව නේද? (නදී)
දූශකයා ගැන අනුකම්පා කරලා කමෙන්ට් දාල තියෙන්නේ ඒ අයගේ නංගි කෙනෙක් / සහෝදරියක් / මවක් දුෂණය කරපු නැති නිසා වෙන්න ඇති. මේ වගේ දෙයක් සිද්ධ උනාම තේරෙයි කාට කාටත් බංගලිදේශ සංක්‍රමණිකයෙක් කියල තියෙන්නේ අර මියන්මාරේ බෞද්ධ ගැහැණු දරුවෝ දුෂණය කරපු ජාතියේ කෙනෙක්ද දන්නේ නැහැ (නදී)
ඔය මිනිහට ගහල මරපු වීර ඉන්දියානු පුරුෂයෝ ටික ඉන්නවනේ.. වැඩේ තියෙන්නේ උන්ටත් තරුණියක් දුෂණය කරන්න ලැබුනොත් නොකර ඉදි.. මොකද ඉන්දියාවේ ඉන්න 90% විතර පිරිමි මාර අසහනයකින් ඉන්නේ.( ලංකාවෙත් වැඩි වෙනසක් නෑ.) හැබැයි ඔය වගේ වෙලාවක මාර සුදනෝ ඉන්නේ... හැබැයි ඔක්කොම එකයි. (අ)
නියම දඩුවම. (ර)
මමනම් මේකේ වැරැද්දක් දකින්නේ නැහැ . නීතිය හරියට ක්‍රියාත්මක වෙන්නේ නැත්තන් රටේ ජනතාව වශයෙන් මේ වගේ දෙයක් කළාට කිසිම වැරැද්දක් නැහැ මේක ලෝකෙට හොඳ ආදර්ශයක් .(දිල්)
ඔහොම තමයි දඩුවම් දෙන්න ඕනි මේ වගේ අයට (දිල්)
නියම දඬුවම මෙයාට මේක මදි (නදී)
සතෙක් නෙවේයිනේ මේ මිනිහෙක්. (ර)
මේ විට්දිහට දිගට උනොත් දුෂණ අඩුවෙයි. එක හොදයි. (ර)
අපේ රටේ අයට පන නැහැ වගේ (නදී)
මේ ප්‍රශ්නය ලංකාව එක්ක සංසන්දනය කරන්න එපා. ජී එල් පීරිස් මහත්තය ස්ත්‍රී දූෂණ නව පනත ගෙනාවට පස්සේ සෑහෙන තරම් දුරට මෙම අපරාධය පාලනය වෙලා තියෙන්නේ. අනෙක මේ වගේ පාසල් ළමයෙක් දූෂණය කලොත් අපිට කලබල වෙන්න ඕන නෑ පොලිසියේ මහත්වරු දූෂකයාට ආයුධ පෙන්නන්න එක්කරගෙන යනවා. (නදී)
ස්ත්‍රී දුෂකයන්ට මරණ දඬුවම දෙන්න ඕනෑ. ඊටපස්සේ තමා ඔය අසහනය ලෝකයෙන් තුරන්වෙන්නේ. (නි)
බුදුවරු පහළවෙන රටේ දැන් ඉන්නේ තිරිසන් වැඩකරන අයනේ. යුරෝපයේ රටවල් අපිට වඩා කොච්චර ඉදිරියෙන් ඉන්නවද කාන්තාවට නිසි ගෞරවය ලබාදී තිබෙනවා (නි)
විජය,ස්ත්‍රී දුෂණයක්ම නොවුණත් කාන්තාවන්ට වැඩිපුරම ලිංගික අතවර වෙන්නේ බස්වල යද්දී. එහෙම දේකට මුහුණනොදුන් කාන්තාවක් ලංකාවේ ඉන්නවද කියලත් හිතන්න බැරිතරම්.විශාල සංඛ්‍යාවක් පාසල්යන වයසේ දැරියෝ වැඩිහිටියන් අතින් අතවරයට ලක්වෙනවා සොයාගන්න පුළුවන් උදේට හැන්දෑවට බස්එකක ගියොත්. මේ අයටත් මිනිස්සු විරුද්ධ වෙන්න ඕනෑ. (නි)
අපේ රටේ නම් ස්ත්‍රී දුෂකයෝ තම සිය වෙනි ස්ත්‍රී දුෂණය සමරලා පාටිත් දානවා.(නදී)
අකිල 2015-03-07 07:36:47කියන්නෙ නීතිය බල්ලටත් වඩා අන්තයි කියලද (නදී)
මේක තමයි හොදම දඩුවම. මේ වගේ දඩුවන් ක්‍රියාත්මක කරොත් තව කෙනෙක් මේ වගේ වැඩක් කරන්න කලින් දෙපාරක් හිතනවා. මේ දේ අපේ සහෝදරියකට හරි දුවෙකුට හරි උනා නම් අපට හිතෙන්නෙත් ඕකව මරල දාන්න. මේ වගේ දේවල් වලට කඩේ යන්නේ මේ වගේ දේවල් කරන්න කැමති අය (නදී)
මෙතන සමහරු කියනවා මේක අමනුෂ්‍ය තිරිසන් වැඩක් කියලා.ඒක ඇත්ත වෙන්න පුළුවන්. හැබැයි අපේ රටේ එක් කෙනෙක් හරි කටක් ඇරියද අර ප්‍රා.සභා මන්ත්‍රීලා එහෙම කරන වැඩ වලට? (නි)
මම නම් මේ ගැන මගේ ප්‍රසාදය පළකරනවා (නි)
ඉන්දියාව තමන්ගේ රටේ තියෙන මේ වගේ ප්‍රශ්න විසදා ගන්නේ නැතුව, අපේ ප්‍රශ්න විසදන්න දගලනවා. (ර)
ඉතින් මෙයා ස්ත්‍රී දුෂණය නොකර සිටියානම් ඉවරයිනේ, වැටේ නිරුවතින් එල්ලෙන්න වෙන්නේ නැනේ (බ)
ඉන්දියාවේ ඉන්න මිනිසුන්ගේ බහුතරයකගේ තියන නුගත්කමයි අශිෂ්ටකම තමයි මේ ප්‍රදර්ශනය කරන්නේ මනුෂයකුව සතෙක් වගේ ඇදන්ගිහින් මරන්න තරම් දරුණු හා අමානුෂික ගති පැවැතු සහිත සමාජයක ජිවත් වන මේ මිනිසුන් මනුශ්‍යන්මද කියලා හිතෙන තරම් ඒ විතරක් නොවෙයි හරියට වීර ක්‍රියාවක් කරලා වගේ ඡායරූප ගන්න හැටි දැක්කම මොවුන් මොන තරම් තිරිසන් මානසිකත්වයක ජිවත්වන බව තමයි හිතෙන්නේ. (බ)
ස්ත්‍රී දූෂකයා සිසුවියට කළ දෙයත්, මහජනයා දූෂකයාට කර ඇති දෙයත් එකසේ වැරදි බව කිව යුතුය. අපරාධ මැඩලීමට රජය වහා පියවර ගත යුතුය. නීතිය හරි හැටි ක්‍රියාත්මක වන බවට ජනතාවට විශ්වාසයක් තිබුනේ නම් දෙවැනි අපරාධය (ඇතැම් විට පළමුවැනි අපරාධයද ) සිදු නොවීමට ඉඩ තිබුනි. (බ)
වීරකමක්, නොව අප තුළ සිටින තිරිසනා අවදි වීමකි. (බ)
මේ වගේ වැඩ වලට නම් මෙහෙම දඩුවම් දෙනන් ඕනි (දිල්)
ලංකාවෙත් මෙහෙම තමයි කරන්න ඕන මේ වගේ අයට. (ර)
තිරිසන් කමට තිරිසන් කමෙන්ම පිළිතුරු. (ර)
අතිශය භයානක, අමාණුෂික පූර්වාදර්ශයක්. මෙය රටින් රටට පැතුරුනොත් ඉතාම සෝචනීය තත්ත්වයකුයි ඇති වන්නේ. මුලින් මිනිසුන් මෙවැන්නක් කරාවි, දෙවනුව තම තමුන්ගේ හිතුමතයට මිනිසුම් මරාවි. (ර)
මොන වැරැද්ද කලත් ශිෂ්ට සමාජයක දඩුවම් දෙන ක්‍රමයක් තියනවා. ඉන්දියාව ලංකාව වගේ රටවල මිනිස්සුන්ගේ ගෝත්‍රික ගති අදටත් තියනවා. නුගත්කම අශිෂ්ටකම අපේ රටවල් වල ඉන්න මිනිස්සුන්ගේ දකින්න පුළුවන් දෙයක්. ජාතිවාදය කුලවාදය මේවට හොද උදාහරණ. (ර)
ඇත්තටම මෙය ස්ත්‍රී දුෂකයෙක්නම් දැඩි දඩුවම් ලැබෙන්න ඕන. මේ වගේ වද දීලා පොටෝ ගහල වැඩක් නැහැ. ඔය හිනා වෙන අයට ඕක උනානම් වේදනාව දැනෙයි. මේක තනිකරම නුගත් අසීලාචර වැඩක්. (ර)
හැම දෙයකම දෙපැත්තක් තියෙනවනේ. ඔය දූෂණයට ලක් වුනු කෙනාගේ කෙනෙක් නම් මේක දැකල සතුටු වෙනවා අනිවාර්යයි. මේ වගේ වැඩ වලට කැමැති අය ඉතින් විරුද්ධ වෙන එක අහන්නත් දෙයක්ද? මේ වගේ කෙනෙක් මරණ එක වැරදි . එ්ත් එ් අය මේ වගේ ගැහැණු කෙනෙක්ව දූෂණය කරන එකට විරුද්දව කතා කරන්නේ නැත්තේ මොකද? එ්ක අමානුෂික ගතියක් නොවේද? (බ)
සාමාන්‍ය මිනිස්සු නීතිය අතට ගන්න ඕන. රජය හරියට වැඩ කරන්නේ නැත්නම් සාමාන්‍ය ජනතාව නීතිය අතට අරගෙන ඒවා නීතිගත කරන්න ඕන. දූෂකයෝ ප්‍රසිද්ධියේ මැරීමට රජය අවසර දිය යුතුයි. සාමාන්‍ය ජනතාවට ලංකාවෙත් මේක කරන්න ඕන (බ)
නියම දඬුවම (බ)
මේ ක්‍රමය ලංකාවෙත් කළ යුතුයි. මොකද ලංකාවේ පොලිසිය හොරාගේ පැත්ත ගන්නවා සල්ලිවලට (බ)
ස්ත්‍රී දුෂකයන්ට නීතියෙන් දඩුවම් කලයුතුය, ජනතාව නිතිය අතට ගැනීම අනුමත කල නොහැක. (ර)
ලංකාවේ උන්ටත් ඔය වගේ දඬුවම් තමයි දෙන්න ඕනේ (නදී)
මේවාගෙ සිදුවීමකට තමංගෙ සිත බයවෙනවා නම් තම තමංගෙ කිල්ලොටවලත් හුණු ටිකක් නැතිවෙන්න බෑ. (ර)
රට පාවා දෙන්නන්ට අපේ රටේ මෙවැනිදේ ඉදිරියේදී බලාගන්න පුලුවන් (නදී)
තමන්ගේ කෙනෙකුට මෙහෙම දෙයක් වූ විට ඔබ පතන නීතිය කුමක්ද? (නි)
හරියටම හරි මාටින්(නදී)
රජයක් නිතිය ක්‍රියාත්මක කලේ නැත්නම් මහජනතාව නිතිය අතට ගැනීමේ වරදක් මම දකින්නේ නැ. මේකේ වේදනාව අපි නොදන්නා උනාට මේකට මුණ දීපු කාන්තාව දන්නවා . හැම ස්ත්‍රී දුෂකයන්ට නීතියෙන් එල්ලුම් ගහ ගෙන්න ඕනේ.(නදී)