IMG-LOGO

2025 ඔක්තෝබර් මස 27 වන සඳුදා


සතුට ඇති කරන්න අමාත්‍යංශයක් එයි

‘‘සතුට‘‘ වෙනුවෙන්ම අමාත්‍යංශයක් ඇති කිරීමට වෙනිසියුලා  රජය සැරසේ.

‘‘උත්තරීතර සතුටේ අමාත්‍යංශය‘‘ යන නම් වන මෙම අමාත්‍යංශයේ මුල් පුටුව හෙබවීමට වෛද්‍ය ක්ෂේත‍්‍රයට සම්බන්ධ පුද්ගලයෙකු තෝරාගැනීමට අපේක්ෂිත බව සදහන්වෙයි.

නව අමාත්‍යංශය ජනපති නිකලස් මදුරෝගේ සංකල්පයකට අනුව ඇති කෙරෙයි.හිටපු ජනපති හියුගෝ චාවේස් සැළසුම් කර තිබූ දරිද්‍රතාව දුරලීම වෙනුවෙන් වූ වැඩසටහන් සියල්ලක්ම මෙම අමාත්‍යංශය යටතේ කි‍්‍රයාවට නැංවීමට නියමිතය.

තෙල් සම්පතින් පරිපූර්ණ වුවත් තවමත් වෛද්‍ය හා ආහාර පහසුකම් සපුරා ගැනීම වෙනිසියුලාවට ගැටලූවකි.උද්ධමනය පවතිනුයේ ඉතා ඉහළ අගයක වන අතර ඇමරිකා ඩොලරයක අගයද පෙර තිබු අගය මෙන් හත් ගුණයකින් පමණ ඉහළ ගොස් තිබේ.

මුලින්ම යටිතල පහසුකම් වැඩිදියුණු කර වෙනිසියුලාවේ බහුතර ජනතාවට පහසුකම් සැළසීම ජනපති නිකලස් මදුරෝගේ අරමුණ බව පෙනේ.



අදහස් (0)

සතුට ඇති කරන්න අමාත්‍යංශයක් එයි

සිරියලතා Tuesday, 29 October 2013 04:00 PM

ඔය මොනවා කලත් අපේ වර්තා නම් කඩන්න ටිකක් අමාරු වෙයි. හා එන්නකෝ බලන්න. (ස)

:       0       0

හෂාණි Wednesday, 30 October 2013 09:34 AM

අපේ රටට ඕක විතරමයිනේ අඩු. (නි)

:       0       0

විරාජ් කාලිංග Tuesday, 29 October 2013 09:42 PM

මේවා අහල අපේ අයත් අලුත් අමාත්‍යංශයක් දාගනිද දන්නේ නැහැ,නම් නැතුව ඉන්නේ දාගන්න (ස)

:       0       0

උපාලි Tuesday, 29 October 2013 01:37 PM

"සතුට" තියෙන්නේ කොහේද, කොතැනද? හැමදේකම, හැමතැනකම කිව්වොත් හරිද? එහෙම නම් රටකට වුවමනා වෙන්නේ, සියලු දේම ඇතුලත් එකම එක අමාත්‍යාංශයයි. (නි)

:       0       0

මනෝජ් Tuesday, 29 October 2013 02:04 PM

ලංකාවට නම් ඕනෑ වෙන එකක් නැහැ.මොකද දැනට තිබෙන අමාත්‍යංශ වලින් ජනතාව හොදට සතුටු කරමින් ඉන්නේ (නි)

:       0       0

අජිත් කරුණාරත්න Tuesday, 29 October 2013 02:13 PM

මේ තොරතුරු අපේ රටට බොහොම වටිනවා.තව ඇමතිකම් දෙන්න තියෙනවා. ඒවාට දාන්න නම් නැතිව හිටියේ. (ස)

:       0       0

ෂෙරිෆ් Tuesday, 29 October 2013 07:02 PM

අපේ සතුට වැඩිකරන්න කැසිනෝ එනවා ළඟදීම. (නි)

:       0       0

රවීන්ද්‍ර Tuesday, 29 October 2013 07:06 PM

අපේ මහරජ තුමාටත් හොඳ අදහසක්. ඇමතිකම් දෙන්න තව සුදුසුකම් සපුරපු ගෝලයොත් ඉන්න එකේ.(නදී)

:       0       0

ලුම්බිණි Wednesday, 30 October 2013 07:30 AM

තවත් ලංකාව වගේ තැනක්. (නි)

:       0       0

කුමාරි Tuesday, 29 October 2013 02:47 PM

සතුට කියන දේ සල්ලි වලට ගන්න බෑ.ඒක ඇති විය යුත්තෙ හැම කෙනාගෙම හදවත් තුලයි. මිනිසුන් ලද දෙයින් සැනසීමට පුරුදු උනොත් හැමදාම සතුටින් සිටිය හැකියි. (ස)

:       0       0

පෙත්තා Tuesday, 29 October 2013 07:43 PM

ඔන්න අපේ අහවල් ඇමතිතුමාට දෙන්න නියම අලුත් අමාත්‍යාංශයක්. (නි)

:       0       0

සම් Tuesday, 29 October 2013 03:07 PM

අපෝ තව අමාත්‍යංශ ගොඩක් හදන්න පුළුවන්. උදාහරනෙකට කියනවා නම් පොල් ගෙඩියේ ගැහැණු බෑයට සහ පිරිමි බෑයට අමාත්‍යංශ 2 හදන්න පුළුවන්.තවම ගල්සියඹලා වලට, අටුකොස් වලට, හබල පෙති වලට ඇඹරැල්ල වගේ ඒවාට අමාත්‍යංශයක් තියා දෙපාර්තමේන්තුවක් වත් නැහැනේ. (ස)

:       0       0

ආරියසේන Wednesday, 30 October 2013 09:12 AM

ලෝකයේ රටවල් අතුරින් වෙනිසියුලා රට සතුටු රාජ්ජයක් හැටියට මුල්තැන ගනී. එහි ජීවත්වන ජනතාව ඉතාම සතුටින් ජීවත්වන ජනතාවක් සිටින රට හැටියට පිළිගැනේ. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1510 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1343 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 478 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site