ඕස්ට්‍රේලියාවේ සිඩ්නිහී කුජි වෙරළේ පැවති නත්තල් සාදයකදී කිලෝ 15000ක අපද්‍රව්‍ය දමා ගොස් ඇතැයිද මින් ඉදිරියට එම වෙරළේ මත්පැන් පානය තහනම් කර ඇතැයි ද වාර්තා වෙයි.
නත්තල් දින එම සාදයට 10000ක් පමණ පිරිසක් පැමිණි බවත් සිගරට් පෙට්ටි, බෝතල් වැනි කසල දමා ගොස් ඇති බවත් බලධාරීහු කියති.
මෙම සාදය ‘නින්දිත‘ බව පවසන රැන්ඩ්වික් නගර සභාව මෙම තහනම ගිම්හාන ඍතුව පුරා බලපැවැත්වෙන අයුරින් පැනවීය.
එරට ගිම්හාන ඍතුව දෙසැම්බර් සිට පෙබරවාරි දක්වා වෙයි.
“නත්තල් දිනයේ කිහිප දෙනකු කළ ක්‍රියාවක් නිසා මෙම ප්‍රදේශයට සම්පුර්ණ මත්පැන් තහනමක් පැනවීමට සිදුවෙනවා“යැයි නගරාධිපති නොයෙල් දි සොයිසා පැවසීය.
මෙම තීරණයට බොහෝ දෙනකු සහය පළ කරන බවත් ඇතැම් දෙනකු මීට විරුද්ධ බවත් විදෙස් මාධ්‍ය පවසයි.
(පෙර වෙරළ තීරය) (ඡායාරූප-ගෙටී ඉමේජස්)

(සාදයට පසු වෙරළ තීරය) (ඡායාරූප අන්තර්ජාලයෙන්/බීබීසි)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ වැඩේ
පෙර කළ පිනින් මිනිසුන්ට ලැබුන දේවල් පරිහරණය කරන්නත් මිනිස්සු දැනගන්න ඕනෑ. මේ පැනවූ නීතිය අපේ රටේ මුහුදු තීරයටත් ඉතාම හොඳයි. (නි)
අපේ රටෙත් අති බහුතරය ඔය වගේ තමයි. ඒ වුනාට 2500යෙ උජාරුව බලන්න එපාය. (බ)
මෙම රටවල් සිදුවුණ වරද නිවැරදි කරගැනීමට පියවර ගන්නවා (නි)
ඔය මිනිස්සු හරිම අපිරිසිදුයි. කිසිම පිරිසුදුකමක් නැහැ. (නි)