සුඩාන ජනාධිපති ඔමාර් අල් බෂීර් ට ධුරයෙන් ඉවත් වන්නැයි එරට ප්‍රධාන විපක්ෂයේ නායක සදීක් අල් මහ්දි පවසා ඇතැයි වාර්තා වේ.
සති කිහිපයක් තිස්සේ පැවැති ආණ්ඩු විරෝධී උද්ඝෝෂණවලට සහාය පළ කරන බව ද හෙතෙම පවසා ඇත.
පසුගිය සති කිහිපය මුළුල්ලේ පැවැති ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ හේතුවෙන් කිහිපදෙනකුට ජීවිත ද අහිමිවිය.
“මේ රෙජීමය ඉක්මනින්ම ගෙදර යන්න ඕනේ” ඕම්ඩුර්මාන්හි මුස්ලිම් පල්ලියක් වෙත රැස්ව සිටි සිය ගණනක් අමතමින් විපක්ෂ නායක සදීක් අල් මහ්දි ඒ බව කීවේය.
සුඩානයේ විරෝධතා ආරම්භ වූයේ දෙසැම්බර් මස 19 වැනිදායා. එතැන් පටන් මේ දක්වා පැවැති විරෝධතා හේතුවෙන් 50කට වැඩි පිරිසකට ජීවිත අහිමි විය.
විරෝධතා අතරවාරයේදී 30කට ආසන්න පිරිසක් මියගොස් ඇතැයි බලධාරිහු කියති. එහෙත් මියගිය ගණන 40කටත් වැඩි යැයි මානව හිමිකම් සංවිධානය කියයි.
“සංක්‍රාන්ති සමයක් පැමිණෙනවා. අපි මේ විරෝධතා ව්‍යාපාරයට සහාය දක්වනවා” යැයි මහ්දි කීවේය. මහ්දි උම්මා පක්ෂය බලය හොබවමින් සිටියදී බෂීර් ඉස්ලාමීය සහාය ඇතිව කුමන්ත්‍රණයක් කරමින් 1989 දී බලය අල්ලා ගත්තේය. මහ්දි වසරකට වැඩි කාලයක් රටින් පිටුවහල් කර සිටි අතර ඔහු පසුගිය මාසයේදී නැවත සුඩානයට පැමිණියේය. ඔහු සුඩානයට පැමිණියේ විරෝධතා ආරම්භ වූ දිනයේදීම වීමද විශේෂත්වයකි.

ඒ.එෆ්.පී. ඇසුරිනි
055
2025 දෙසැම්බර් මස 04
673
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
550
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
446
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
සුඩාන ජනපතිට ඉවත් වන්නැයි එරට විපක්ෂ නායක කියයි