IMG-LOGO

2025 ඔක්තෝබර් මස 21 වන අඟහරුවාදා


සුඩාන ජනාධිපතිවරයා කිසිදු රටකට බාර දෙන්නේ නෑ

සංහාරයකට සහ යුද අපරාධවලට ජාත්‍යන්තර අපරාධ අධිකරණයට අවශ්‍ය කර සිටින බලයෙන් ඉවත් කරන ලද සුඩාන ජනාධිපති ඔමාර් අල් බෂීර් කිසිදු රටකට බාර නොදෙන බව එරට නව හමුදා පාලකයෝ අද (12) ප්‍රකාශ කළහ. 

“ජනාධිපතිවරයා මේ වනවිට රැඳවුම්භාරයේ පසුවෙනවා” යැයි සුඩානයේ නව මිලිටරි කවුන්සිලයේ දේශපාලන කමිටුවේ ප්‍රධානී ලුතිනන් ජෙනරාල් ඕමාර් සැනින් අල් අබ්දීන් පුවත්පත් සාකච්ඡාවකට එක්වෙමින් පැවැසීය. 

“අපි හමුදා කවුන්සිලයක් විදියට, අපේ පාලනය යටතේ ජනාධිපතිවරයා කිසිදු රටකට බාර දෙන්නේ නැහැ” යැයි අබ්දීන් පැවැසීය.

බලයෙන් පහ කළ සුඩාන ජනාධිපති ඔමාර් අල් බෂීර් අත්අඩංගුවට ගන්නැයි ජාත්‍යන්තර අපරාධ අධිකරණය නිකුත් කර තිබෙන වරෙන්තුව සම්බන්ධයෙන් විමසූ විට අබ්දීන් එම කරුණු සඳහන් කළේය. 

ඒ.එෆ්.පී. ඇසුරිනි 

055



අදහස් (4)

සුඩාන ජනාධිපතිවරයා කිසිදු රටකට බාර දෙන්නේ නෑ

Perakum Saturday, 13 April 2019 08:11 AM

අපේ රටටත් මෙන්න මේ වගේ හමුදා පාලනයක් ආවොත් මිස වෙන ගොඩ දාගන්න කිසිම ක්‍රමයක් නැති බව දැන් ඔප්පුවෙලා තියෙන්නේ.

:       14       184

චමින්දTuesday, 16 April 2019 12:53 AM

සහතික ඇත්ත. මේරට පක්ෂ දේශපාලනයෙනුත් පවුල් දේශපාලනයෙනුත් විනාශවෙල තියෙන්නේ එය හමුදා පාලනයක් නැතිව වෙනස් කරන්න බැහැ

:       13       88

sarath perth Sunday, 14 April 2019 01:04 PM

අන්න ඒකට අපේ රටේ අය වලිකන්නේ මුළු හමුදාවම පාවලා දෙන්න

:       4       77

chathuri Wednesday, 17 April 2019 12:41 PM

මොන පාලනය ආවත් කමක් නැහැ. ජනතාවට අත තියන්න තහනම්, ජනතාව නැත්නම් පාලනයක් අවශ්‍ය නැහැනේ, ජනතාවගේ කොන්ද කෙලින් තියන් වැඩ කිරීමේ අයිතිය තියෙන්න ඕන, පාලකයන්ට ඒවා නතර කරන්න තහනම්, අපේ මිනිසුන්ගේ එකමුතුකම 0. ඒකයි පාලකයින් ජනතාවට වද දෙන්නේ, මොන වැරදි වැඩේ කෙරුවත් පාලකයින්ව ඔලුව උඩ තියන් ඉන්නේ මේ කට්ටියට වැටුප් ගෙවන්නේ ජනතාව බව ජනතාව දැනගන්න ඕන, අතින් සල්ලි දීලා හිරිහැර ගන්නේ මොන මෝඩයද.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1104 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1127 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 424 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site