උතුරු සුඩානයේ සිට දකුණු සුඩානය බලා පියාසර කරමින් තිබූ ගුවන් යානයක් පෙරේදා (19) රාති‍්‍රයේ අනතුරට පත් වීමෙන් ඇමැතිවරුන් තිදෙනකු, හමුදා ජනරාල්වරුන් තිදෙනකු ඇතුළු තිස් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.
අනතුරට පත් වූ ගුවන් යානය කඩා වැටී ඇත්තේ ටැලොඞ් නගරය අසල ස්ථානයකටය. සුඩාන ගුවන් ගමන් අධිකාරිය පැවැසුවේ අයහපත් කාළගුණය හේතුවෙන් සිදුවුණු මෙම අනතුරින් යානයේ සිටි සියල්ලන්ම ජීවිතක්ෂයට පත් වූ බවය.
මියගිය පිරිස අතර මාර්ග උපදේශක සහ ජාතික උරුම ඇමැති ඝාසී අල් සඞීක්, යෞවන සහ කී‍්‍රඩා ඇමැති, සංචාරක ඇමැති සහ අධ්‍යාපන ඇමැති සිටිති.
අනතුරට පත් වූයේ රුසියාවේ නිෂ්පාදිත ඇන්ටනෝව් වර්ගයේ ගුවන් යානයකි. නියමුවන් දෙදෙනාට අමතරව යානයේ ගුවන් සේවිකාවන් තිදෙනකු ද සිටි බව වාර්තා වේ.
බටහිර රටවල් සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය මැදිහත් වී අපි‍්‍රකානු රාජ්‍යයක් වන සුඩානය, උතුරු සහ දකුණු සුඩාන ලෙසින් රටවල් දෙකක් ලෙස වෙන් කෙරුවේ ඉකුත් වසරේදීය.
වසර ගණනක් තිස්සේ පැවැති සිවිල් යුද ගැටුම්වල නිමාවක් අපේක්ෂා කරමින් සුඩානය දෙකඩ කළත් එම ගැටුම්වල අවසානයක් සිදු නොවිණි.
1
මහා නා හිමිවරුන්ගේ ලිපියට රජය හිස නමයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහේ ගියත් ලොතරැයිය නම් ඇදෙන්නේ එකම කට්ටියකටනේ. (නි)
පව් ඒ අය...(ස)
වැදගත් පිරිසක්නේ මැරිලා තියෙන්නේ (ස)