කැරලිකරුවන් ග‍්‍රහණයේ පවතින ප‍්‍රදේශ ඉලක්ක කර සිරියා හමුදා ගුවන් ප‍්‍රහාර වලින් සිය දෙනකු මරුමුවට පත්වී නිවාස රැසක් වැනසී ඇත. මාස 19 ක පුරා ජනපති බෂීර් අල් අසාඩ් ගේ හමුදා හා සිරියා කැරලිකරුවන් අතර ඇතිවන ගැටුම් අතරතුරදී එල්ල වූ භීෂණකාරීම ගුවන් ප‍්‍රහාර මාලාව මෙය යි. ගුවන් ප‍්‍රහාර එල්ල වන්නේ ඇලෙප්පෝ හා ඉබ්ලිබ් ප‍්‍රාන්ත වලට හා ඩැමස්කස් අගනුවර ඇතැම් ප‍්‍රදේශවලටය. සිරියා හමුදාව දැන් දැන් ගුවන් ප‍්‍රහාර මත විශ්වාසය තබා කටයුතු කරන සෙයක් පෙනෙන බව එරට සිටින මානව හිමිකම් ක‍්‍රියාකාරීහු පවසති.කැරලිකරුවන් සමග මුහුණට මුහුණලා කරන ගැටුම් වලට වඩා ගුවන් ප‍්‍රහාර එල්ල කිරීම ඵලදායක බව සිරියා හමුදාවන්ගේ අවධානයට ලක්ව ඇතැයි ඔවුහු කියති. එක්සත් ජාතීන්ගේ විශේෂ සාම දුතයා වන ලක්ඩාර් බ‍්‍රහීම් දෙපාර්ශවයෙන්ම කළ ඉල්ලීමක් අනුව ඇතිකරගත් දින හතරක සටන් විරාමය අවසන වූයේ ඊයේ (29) දිනදීය.නමුත් එකග වූ පරිදි දෙපාර්ශවය අතර පැවැතුණු සටන් විරාමයක් නැත.ගතවූ දින හතරේදි දෙපාර්ශවය අතර ඇතිවූ ගැටුම් වලින් පමණක් මිය ගිය සංඛ්‍යාව 500 ඉක්මවන බව සිරියාවේ ක‍්‍රියාත්මක මානව හිමිකම් සුරැකීමේ සංවිධාන කියයි. (කො.වි)
2025 දෙසැම්බර් මස 04
100
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
359
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
372
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
සටන් විරාමය පුස්සක් වෙයි