ආයුධ සන්නද්ධ සටන්කාමීහු පිරිසක් ඊයේ (3) සවස ඉරාකයේ පොලිස් මූලස්ථානයකට කඩා වැදී එය අල්ලා ගත්හ. සටන්කාමීන් කඩා වැදුණේ අල් බැග්ඩාඩි නුවර පොලිස් මූලස්ථානයටය. එම අවස්ථාවේදී අල් බැග්ඩාඩි නගරාධිපතිවරයාත් අසල්වැසි නගරයක් වන හදිතා නගරයේ පොලිස්පතිවරයාත් අල් බැග්ඩාඩි පොලිස් මූලස්ථානයට පැමිණි සිටි අතර සටන්කාමීහු ඔවුන් ප‍්‍රාණ ඇපයට රඳවා ගත්හ. අල් බැග්ඩාඩි නගරය පිහිටා ඇත්තේ රමාදි නුවරට කිලෝ මීටර් 150 ක් දුරිනි. සටන්කාමීන් පොලිස් මූලස්ථානයට කඩා වැදීමට පෙර පිපිරීම් දෙකක් සිදුවූ බව ආරක්ෂක අංශ පවසයි. මුලින් එල්ල වූයේ කාර් බෝම්බ ප‍්‍රහාරයකි. අනෙක මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයකි. ඊට අමතරව සටන්කාමීන් සහ පොලිස් නිලධාරීන් අතර වෙඩි හුවමාරුවක් පැවැති බවත් එයින් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ බවත් වාර්තා විය. ඊයේ සවස වනවිටත් පොලිස් මූලස්ථානය සටන්කාමීන්ගේ ග‍්‍රහණයේ පැවැති අතර ප‍්‍රාණ ඇපකරුවන් මුදා ගැනීමේ මෙහෙයුම් ආරම්භ කිරීමට නියමිතව තිබුණි.
1
මෙහෙම ගියොත් ඊළඟ අවුරුදු තුනේදීත් ණය ගෙවන්න පුළුවන් - ශ්රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd