ගලාපගෝස් දුපත් නැරඹීමට පැමිණෙන සංචාරකයින්ගේ ආදරය දිනාගත් හා ලොව වැඩිම ඡායාරූප ප්‍රමාණයකට පෙනී සිට ඇති සතෙක් ලෙස සැලකෙන ‘‘පෙපේ‘‘ නම් වන යෝධ ඉදිබුවා පසුගියදා ජීවිතයෙන් සමුගත්තේය.
මිය යන විට පෙපේගේ වයස අවුරුදු 60 කි.
ගලාපගෝස් දුපත් වල එදවස වාසය කළ මිෂනාරිවරුන් අතර හැදී වැඩුණු හෙයින් පෙපේව ‘‘පෙපේ නම් මිෂනාරිවරයා‘‘ ලෙසද හැදින්විණි.
ගලාපගෝස් දූපත් සත්ත්ව සංරක්ෂණ මධ්‍යස්ථානයේ ප්‍රධානී ආර්ටුරෝ ඉසුරෙයිටාට අනුව පෙපේ ගතවූ කාලය මුළුල්ලේම සිරුරේ අවයව දුර්වල වීම නිසා පීඩා විදිමින් සිට ඇත
චෙලොනොයිඩිස් බෙකී නම් ඉදිබු විශේෂයට පෙපේ අයත්ය. සාමාන්‍යයෙන් මෙම ඉදිබු විශේෂයේ සත්ත්වයෙකුගේ ආයු කාලය අවුරුදු 200 ක් පමණ දිගු වන බව කියැවේ.
කෙසේ නමුත් පෙපේ මිය ගියා යැයි කියා එම සත්ත්ව විශේෂය වද වීමක් සිදුව නැතැයි සත්ත්ව විශේෂඥයෝ කියති.ලොව පුරා පෙපේ ගේ වර්ගයේ ඉදිබුවන් 2000 ක් පමණ සිටින බව ඔවුහු පවසති.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd