ශ්‍රි ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යංශය සවුදි අරාබියේ රියාද් නුවර ශ්‍රි ලංකා තනාපති කාර්යාලය හා එක්ව සංචාරක ප්‍රවර්ධන වැඩසටහනක් අරඹයි. එහි මුල් අදියර අප්‍රේල් 14 - 17 දක්වා රියාද් නුවර ෆෝ සිසන් හෝටලයේ දි පැවැත්වේ. වෙළඳ කුටි හා වැඩමුළු ඊට ඇතුලත් වේ. තානාපති එම්.එච් මොහොමඩ් මහතා නියෝජනය කරමින් තනාපති කාර්යාලයේ දි ගම්මන්පිල මහතා සහභාගි වේ. ශ්‍රි ලන්කන් ගුවන් සේවය ද මෙම වැඩසටහනට එක් වේ. ලබන ඉරිදා දාමාම් නොවොටෙල් හොටල් පරිශ්‍රයේ දි 5.00 -10.30 දක්වා තවත් වැඩසටහනක් සංවිධානය කරයි.





COMMENTS
අප නායකයෝ ගැන ලැජ්ජයි. හිගාකනවා. (ස)
තෙලේ බලේ. (ස)
සෞදිය අපේ කාන්තාවන්ට සළකන හැටි දකිද්දී මේ මිනිස්සුත් එක්ක මොන සංචාරද? (නි)
ලංකාවට එන සෞදි සංචාරකයන් සෞදි වල දුප්පත් හෝ මධ්‍යම පන්තියේ අය. සල්ලි යහමින් තිබෙන අය යන්නේ යුරෝපයට හෝ ඇමරිකාවට. (නි)
සෞදි අරාබිය සංචාරක පුරයක් නෙමේ , ඉතින් කොහොමද මේක මෙහ පැවැත්වුයේ ? ෂරියා නීතිය පිළිබඳ දැනුවත් කිරීමේ සහ මානුෂික අයිතීන් නැති කිරීම දැනුවත් කිරීමේ සමුළුවක් වන්නට ඕනේ (බ)
කොයිතරම් සංචාරකයින් සෞදි අරාබියෙන් ලංකාවට එනවාද ලංකාවේ සිරි නරඹන්නට? මෙම වැඩමුළුවේ බලාපොරොත්තුව ශ්‍රී ලංකාවට සංචාරකයින් පැමිණීම වර්ධනය කරගැන්මයි. (නි)