සිංගප්පූරුවේදීය (රොයිටර්)
ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උතුරු කොරියා නායක කිම් ජොන්ග් උන් අතර හමුව පැවැත්වෙන කාලසීමාවේදී සිංගප්පූරු ගුවන් අවකාශය සීමා කෙරෙන බව එරට ගුවන් සේවා බලධාරීහු අද (6) අනාවරණය කළහ.
ජූනි 11, 12 සහ 13 යන දිනවලදී සිංගප්පූරු ගුවන් අවකාශය සීමා කරන බව ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානය, එක්සත් ජනපද ජනපද ෆෙඩරල් ගුවන් සේවා පරිපාලනය, සිංගප්පූරු ආරක්ෂක අමාත්‍යාංශය සහ සිංගප්පූරු සිවිල් ගුවන් සේවා අධිකාරිය නිවේදන නිකුත් කරමින් ඒ බව අනාවරණය කළේය.
ඒ අනුව ආසියාවේ කාර්යබහුලම ගුවන් තොටුපොළක් ‘චන්ගී’ ගුවන් තොටුපොළේ ප්‍රමාද ඇතිවීමේ වැඩි ඉඩකඩක් පවතී. අග්නිදිග ආසියානු රටක් වන ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපතිවරයා සහ උතුරු කොරියානු නායකයා අතර පැවැත්වෙන ඓතිහාසික හමුවේ සත්කාරකත්වය දරයි. ලබන ජූනි 12 වැනිදා නායකයන් දෙදෙනා අතර මෙම ඓතිහාසික හමුව පැවැත්වෙන අතර ඒ හේතුවෙන් එරට ආරක්ෂාව වැඩි කර තිබේ.
මෙම දිනවලදී සිංගප්පූරුවට පැමිණෙන සහ එරටින් පිටත් වන ගුවන් යානා ප්‍රමාද වනු ඇතැයි ද සිංගප්පූරු ආරක්ෂක අමාත්‍යාංශය සහ එරට සිවිල් ගුවන් සේවා අධිකාරිය ද සංචාරකයන්ට දැනුම් දී තිබේ.
සිංගප්පූරුවේ ‘චන්ගි’ ගුවන් තොටුපොළට ගොඩබාන යානා වේගය සාමාන්‍ය වේගයට වඩා අඩු කළ යුතු වන අතර ගුවන් යානා ධාවන පථ භාවිත කළ යුතු ආකාරය සම්බන්ධයෙන් සීමා කිහිපයක් පනවා ඇතැයි සිංගප්පූරු ආරක්ෂක අමාත්‍යාංශය සහ සිංගප්පූරු සිවිල් ගුවන් සේවා අධිකාරිය නිකුත් කළ නිවේදනවල දැක්වේ.
055

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.