දේශසීමා ආරක්ෂාව පිළිබඳව ඉදිරියේදී පැවැත්වීමට නියමිත සාකච්ඡාවල ප්‍රතිඵල සම්බන්ධයෙන් සෑහීමකට පත්වීමට නොහැකි වුවහොත් පෙබරවාරි 15 දායින් පසු නැවත වරක් අර්බුදකාරී තත්ත්වයක් උද්ගත වනු ඇතැයි ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් මහතා පැවැසීය.
අකර්මන්‍ය වී තිබෙන රජයේ කටයුතු නැවත ආරම්භ කිරීමට පියවර ගනිමින් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ඒ බව ප්‍රකාශ කළේය.
කොටස් දෙකකින් සමන්විත කොංග්‍රසයේ සෙනට් සභාවේ බහුතරය ඇත්තේ රිපබ්ලිකන් පක්ෂය සතුවය.
නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ බහුතරය හිමිව ඇත්තේ ඩිමොක්‍රටික් පක්ෂයටය. මේ අනුව අර්බුදය නිමා කරමින් සති තුනකට මුදල් වෙන් කෙරෙන පනත් කෙටුම්පතක් සෙනට් සභාවේදී සහ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේදී සම්මත වූ අතර ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් මහතා ඊට අත්සන් කිරීමට නියමිතය.
එම සති තුනක කාලයේදී ඇමෙරිකා එක්සත් ජනපදය සහ මෙක්සිකෝව අතර දේශසීමාවේ ආරක්ෂාව සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීමට නියමිතය.
ඇමෙරිකා එක්සත් ජනපදය සහ මෙක්සිකෝව අතර දේශසීමාවේ තාප්පයක් ඉදි කිරීම සඳහා මුදල් ලබා නොදීම නිසා ඇමෙරිකා රජයේ කටයුතුවලින් අඩකට ආසන්න ප්‍රමාණයක් අකර්මනය විය.
රාජ්‍ය සේවකයෝ 800,000කට වැඩි පිරිසක් වැටුප් නොලබා ඔවුන්ගේ රාජකාරීවල නිරත වූහ.
එම අර්බුදය දින 35කට වැඩි කාලයක් මුළුල්ලේ පැවැති අතර බොහෝ පිරිසකගෙන් එල්ල වූ පීඩනය හමුවේ අඩියක් පිටුපසට ගනිමින් අකර්මන්‍ය වී තිබූ රජයේ කටයුතු නැවත ආරම්භ කිරීම සඳහා ප්‍රතිපාදන වෙන් කිරීමට ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් පියවර ගත්තේය.
පසුගිය දෙසැම්බර් මාසයේදී මේ වසර සඳහ මුදල් වෙන් කෙරෙන පනත් කෙටුම්පත් නියෝජිත මන්ත්‍රී මණ්ඩලයට ඉදිරිපත් කෙරුණි. ඇමෙරිකාව සහ මෙක්සිකෝව අතර දේශසීමාවේ තාප්පය ඉදි කිරීමට එක්සත් ජනපද ඩොලර් බිලියන 5.7ක මුදලක් වෙන් කරන්නැයි ට්‍රම්ප් ඉල්ලා සිටියේය.
එහෙත් ඩිමොක්‍රටික් පක්ෂය එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය. ඊට ප්‍රතිචාර ලෙස අදාළ පනත් කෙටුම්පත්වලට තමන් අත්සන් නොකරන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය. පසුගිය වසරේ දෙසැම්බර්
මාසය සහ මේ වසර සඳහ මුදල් වෙන් නොකිරීමත් සමඟ රජයේ කටයුතුවලින් අඩකට ආසන්න සංඛ්‍යාවක් අකර්මන්‍ය විය.
මේ අනුව දේශසීමා ආරක්ෂාව පිළිබඳව සාකච්ඡා කිරීමට ඇමෙරිකා එක්සත් ජනපද කොංග්‍රසයේ කොටස් දෙක වන නියෝජිත මන්ත්‍රී මණ්ඩලය සහ සෙනට් සභාව නියෝජනය වන පරිදි කමිටුවක් පත් කර තිබේ.
එම සාකච්ඡා අසාර්ථක වුවහොත් ඇති වී තිබූ අර්බුදය නැවත වරක් ඇතිවනු ඇතැයි ද ට්‍රම්ප් කීවේය. එම සාකච්ඡා අසාර්ථක වුවහොත් කොංග්‍රසයේ අනුමැතිය නොමැතිව තාප්පයට මුදල් වෙන් කිරීම සඳහා ජාතික හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරන බව ද ට්‍රම්ප් පැවැසීය.
ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් අඩියක් පසුපසට ගනිමින් සාකච්ඡාවලට ඉඩ සලසා අකර්මන්‍ය වී තිබූ රජයේ කටයුතු නැවත ආරම්භ කිරීමට ප්‍රතිපාදන වෙන් කිරීමට තීරණය ඩිමොක්‍රටික් පක්ෂය ලැබූ ජයග්‍රහණයක් යැයි දේශපාලන විචාරකයෝ පෙන්වාදෙති.
රොයිටර් ඇසුරිනි
055
2025 දෙසැම්බර් මස 04
626
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
527
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
431
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
සාකච්ඡා අසාර්ථක වුණොත් පෙබරවාරි 15 ට පසු නැවතත් අර්බුදයක්