වසරකට අධික කාලයක් තිස්සේ තම ග‍්‍රහණයේ පැවැති කිස්මායෝ නමැති වරාය නගර අතහැර පලා යෑමට සෝමාලියාවේ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා සිදු කරන ‘අල් ෂෙබාබ්’ ඉස්ලාමීය සටන්කාමීහු පෙරේදා (29) තීරණය කළහ. සටන්කාමීන්ට නගරය අතහැර පලා යෑමට සිදුවූයේ සෝමාලි හමුදා කෙන්යානු හමුදා සමඟ එක් වී සටන්කාමීන්ට දිගින් දිගටම ප‍්‍රහාර එල්ල කිරීම හේතුවෙනි. සෝමාලියාවේ අල් ෂෙබාබ් සටන්කාමීන් මුළු මහත් අපි‍්‍රකාවටම තර්ජනයක් වී ඇති අතර සටන්කාමීන් මර්දනය කිරීමට සෝමාලියාවේ අසල්වැසියකු වන කෙන්යාව සෝමලි රජයට සහාය ලබා දෙයි. සෝමාලියාවේ පවතින්නේ දුර්වල මෙන්ම අස්ථාවර රජයකි. අල් ෂෙබාබ් සටන්කාමීන්ගේ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා හේතුවෙන් රජය තවත් අස්ථාවර වී ඇත. අල් ෂෙබාබ් සටන්කාමීන්ට අවි ආයුධ සහ පුහුණුව ලබා දෙන්නේ උතුරු අපි‍්‍රකාවේ කි‍්‍රයාත්මක අල් කයිඩා සංවිධානයයි. 1,90,000 ක ජනගහනයක් වෙසෙන කිස්මායෝ නගරය, ෂෙබාබ් සටන්කාමීන්ගේ ග‍්‍රහණයට හසුවූයේ 2008 වසරේදී රජයේ හමුදා සමඟ පැවැති දරුණු අවි ගැටුම්වලින් පසුවය. ඒ සටන් ඇවිළෙද්දී 12,000 කට වැඩි පිරිසක් නගරය අතහැර පලා ගියහ.