ගගනගාමීන් තිදෙනකු සමඟ දින 15ක සාර්ථක අභ්‍යවකාශ මෙහෙයුමක නිරත වූ ”ෂෙන්ෂු ටෙන්” චීන අභ්‍යවකාශ ෂටලය ඊයේ (26) නිරුපද්‍රිතව පෘථිවිය වෙත පැමිණි බව චීනය පවසයි.
චීනයෙන් අජටාකාශයට ගිය දෙවැනි කාන්තාව වන වැන්ග් යැජින්ග් ද මෙම මෙහෙයුමට එක්වූ ගගනගාමීන් තිදෙනාගෙන් එක් අයකු වීම සුවිශේෂී වේ. එසේම ඇය අභ්‍යවකාශයේ සිට චීන සිසුන් සඳහා දේශනයක් පැවැත්වීමද විශේෂ කාරණයකි.
දින 15 ක සිය සාර්ථක අභ්‍යවකාශ මෙහෙයුම අවසන් කරමින් ”ෂෙන්ෂු ටෙන්” ෂටලය මොංගෝලියානු කලාපයේ තණබිම් ප‍්‍රදේශයේ ටියන්ගොන් අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත සාර්ථකව ගොඩබස්වන අයුරු චීන රාජ්‍ය රූපවාහිනී නාළිකාව විසින් විකාශය කර තිබේ.
”ෂෙන්ෂු ටෙන්” ෂටලය චීන මිනිසුන් රැුගෙන අභ්‍යවකාශ ගත කළ පස්වැනි ගුවන් යානය ද වේ.