බ්‍රිතාන්‍යයේ පදිංචිව ඉන්නා සියලුම ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් ලන්ඩන් නුවර හවූන්ස්ලො ශ්‍රී ලංකා ජනහඬ පදනම, දස වසරක කාලයක සිට පළාතේ නාගරික මන්ත්‍රීවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහයෝගය ලබාගනිමින් කටයුතු කළ ක්‍රියාකරී ජනහිතකාමී සංවිධානයකි. ඔවුන් විසින් පසුගිය කාලය පුරාවටම ශ්‍රී ලංකාවට සම්බන්ධ වැඩ කටයුතු පිළිබඳව බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව තුළ මන්ත්‍රීවරු දැනුවත් කිරීම මෙන්ම පළාතේ ආගමික සහ සංස්කෘතික වැඩ කටයුතු සංවිධානය කිරීම තුළින් විශාල පිරිසකට වැදගත් සහන රැසක් ලබා දි ඇත.
එම වැඩකටයුතු සඳහා සහය වූ සියලුම මන්ත්‍රීවරුනට කෘතගුණ සැලකීමේ අරමුණින් ජනහඬ පදනම පසුගියදා රාත්‍රී භෝජන සංග්‍රහයක් සංවිධානය කැරිණි.
එම අවස්ථාවට හවූන්ස්ලො ෆෙල්තම් සහ හෙස්ටන් පළාතේ පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ස්වදේශ කටයුතු ඇමතිනි සීමා මල්හොත්‍රා, අයිසල්වර්ත් සහ බ්‍රෙන්ෆර්ඩ් පළාතේ පාර්ලිමේන්තු මන්ත්‍රී රුට් කැට්බරි, හිටපු නගර සභා නායක ජග්ඩිෂ් ශර්මා, නගරසභා මන්ත්‍රීවරුන් වන බිස්නු ගුරුන්, සලිම් මලික්, රාජේන්ද්‍ර බාත්,හිටපු නාගරික මන්ත්‍රී ගොපාල් ඩිලන්, ෆෙල්තම් සමාජ සේවා කටයුතු භාර නායක නදීම්,ජනහඬ පදනම වෙනුවෙන් අනුශාසක සුර්ය සමරවීර, සභාපති ශ්‍රිලාල් ඩයස්, සම ලේකම් නිමෙශ් වික්‍රමසිංහ, සංස්කෘතික සංවිධායක ආසිරි බණ්ඩාර, ක්‍රියාකරී සමාජිකයන් වන නීල් නානායක්කාර, ගනේෂ් කනගතුරේය්, නිලන්ත මුණසිංහ, අසෝක සිල්වා, ඉරාජ් චමින්ද,දේවා සොමසුන්දරම් සහ ප්‍රදීප් කන්දප්පා යන අය සමඟ හිත මිත්‍රාදීන් විශාල පිරිසක් සහභාගී විය.
![11204922_10206587927233594_8527831979860647639_n[1] - Copy](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/07/11204922_10206587927233594_8527831979860647639_n1-Copy.jpg)
![11700810_10206587931753707_9147493939264604453_n[1] - Copy](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/07/11700810_10206587931753707_9147493939264604453_n1-Copy.jpg)
![11703174_10206587934673780_5744781685744449214_n_1[1] - Copy](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/07/11703174_10206587934673780_5744781685744449214_n_11-Copy.jpg)
![11705322_10206587939953912_8716688163063201966_n[1] - Copy](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/07/11705322_10206587939953912_8716688163063201966_n1-Copy.jpg)
COMMENTS
මෙය බ්‍රිතාන්‍යයේ දෙයක්ද නැත්නම් ඉන්දියාවේ දෙයක්ද? හිතාගන්න අමාරුයි පසුතල බලනකොට.(නදී)
හුඟක් දේවල් ලියන්න හිතෙනවා. නමුත් නොලියා ඉන්නවා (නි)