දේශපාලන රැකවරණ පතා බි‍්‍රතාන්‍යයට ගොස් සිටි තවත් ශ්‍රී ලාංකිකයෝ 53 දෙනෙක් එරටින් පිටුවහල් කරනු ලැබ සිටිති. මෙසේ පිටුවහල් කරන ලද ශ්‍රී ලාංකික පිරිස ළඟදීම බි‍්‍රතාන්‍ය ආගමන විගමන සහ පොලිස් නිලධාරීන්ගේ ආරක්‍ෂාව යටතේ විශේෂ ගුවන් යානයකින් මෙරටට ගෙන ඒමට නියමිතව ඇතැයි ගුවන් තොටුපොළ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක්  පැවසීය. පිටුවහල් කරන ලද පිරිසෙන් බහුතරය දෙමළ ජාතිකයන් බව දැන ගන්නට ඇත. බි‍්‍රතාන්‍ය මානව හිමිකම් සංවිධාන කිහිපයක් මෙම පිරිස මෙරටට පිටුවහල් නොකරන ලෙස එරට බලධාරීන්ගෙන් ඉල්ලා ඇතත් එය ප‍්‍රතික්‍ෂේප වී ඇති බව ද වාර්තා වේ. දේශපාලන රැුකවරණ පතා බි‍්‍රතාන්‍යයට ගොස් සිටියදී එරටින් පිටුවහල් කරන ලද ශ්‍රී ලාංකිකයෝ 50 දෙනකු බි‍්‍රතාන්‍ය ආගමන විගමන සහ පොලිස් නිලධාරීන් විසින් විශේෂ ගුවන් යානයකින් ඉකුත් 29 වෙනිදා මෙරටට ගෙන එනු ලැබිණි.