IMG-LOGO

වහලට ගල් තට්ටු

පෘතුගාලයේ මොසැන්තෝ ගම්මානය බලන්නට වටිනම තැනකි.මෙහි නිවෙස් බොහෝමයක වහල, බිත්ති වී තිබෙන්නේ විශාල පාෂාණයන්ය.

ඇතැම් නිවාස පාෂාණ වලට මැදිව, පාෂාණ යට, පාෂාණ වලට පසෙකින් පිහිටයි. එම නිවාස වල කොටසක් හෝ දැවයෙන් හා සිමෙන්ති යොදා තනා තිබෙතත් තවත් නිවාස සම්පූර්ණයෙන්ම නිම වී තිබෙන්නේ තනි පාෂාණයෙන්ය.

මොසැන්තෝ හි අතීතය 16 වැනි සියවස දක්වා දිව යන්නකි. එදවස තිබුණු නිවාස අද දක්වාම පවතී.

ගම්මානයේ 800 දෙනෙක් පමණ වාසය කරති.නවීන පහසුකම්වලින් පිරි නිවාස තිබුණත් ගම්මානයේ පිහිටීම නිසා ඔවුනට රථ වාහන භාවිතය අපහසුය. ඒවායේ තැන හිමිව ඇත්තේ බූරුවන්ටය.

1415100651250_wps_27_MONSANTO_PORTUGAL_Early_s 1415100548194_wps_23_MONSANTO_PORTUGAL_A_bould 1415100517785_wps_20_MONSANTO_PORTUGAL_A_bould 1415099003776_wps_15_MONSANTO_PORTUGAL_A_gener 1415098942482_wps_12_MONSANTO_PORTUGAL_A_home_ 1415098889154_wps_9_MONSANTO_PORTUGAL_A_view_ 1415098769785_wps_3_MONSANTO_PORTUGAL_The_tow



අදහස් (0)

වහලට ගල් තට්ටු

දිලිප් Thursday, 06 November 2014 08:42 AM

මෙහෙවගේ කුණු පොඩ්ඩක්වත් නැනේ.කිසි ගතියක් නැහැ. (ර)

:       0       0

රජින්ද Thursday, 06 November 2014 09:17 AM

ලස්සන හීනයක් වගේ. මේවා දැක බලාගන්නාතුරුවත් ජීවත්වීමේ අපරිමිත ආශාවෙන් පසුවෙමි. (නි)

:       0       0

සමන් Thursday, 06 November 2014 09:31 AM

මෙහෙ මිනිස්සු නම් පේන්න නැහැ වගේ (නි)

:       0       0

වරුණ Thursday, 06 November 2014 05:45 PM

මොනතරම් චමත්කාරජනකද? (නි)

:       0       0

රූපවතී Thursday, 06 November 2014 06:49 PM

ලීලා, ගූගල් එකට ගොස් සොයා බලන්න. සම්පුර්ණ නගරය තිබෙනවා. සුන්දර රමණීය ගම්මානයක් දැකගන්න පුළුවන් ඔයාට (නි)

:       0       0

දයා අළහකෝන් Thursday, 06 November 2014 11:12 AM

මේවා ඇතුළේ ඉන්න බය නැද්ද? හදිසියේවත් මේ ගලක් සෙළවුණොත්? (නි)

:       0       0

බන්දුල පෙරේරා Sunday, 09 November 2014 03:29 AM

අනේ මන්දා.මම කල්පනා කළේ පොඩි භුමිකම්පාවක්වත් ආවොත් මොකද වෙන්නේ කියලා (නි)

:       0       0

ඉසුරන්දි Saturday, 08 November 2014 12:18 PM

වැඩේ කලාත්මක වුණාට අති භයානකයි.පරිසරයට මේ තුලින් කොච්චර හානි සිදුවෙලා ඇත්ද.අර කොස්ලන්දට වෙච්ච දේට වඩා බරපතල ආපදාවක් වෙන්න ඉඩ තියෙනවා නුදුරේදී.එහෙම නොවෙයි කියලා පතමි. (අ)

:       0       0

නිහාල් විතානගේ Thursday, 06 November 2014 10:02 PM

කිසිදු ලාංකිකයෙක් නැති බටහිර එකම රට මේක වෙන්න ඇති (නි)

:       0       0

නිහාල් විතානගේ Friday, 07 November 2014 05:50 PM

ඥාතීන් ඉන්න පුළුවන්. ලංකාවෙන් යනකොට අපේ අය විවාහ කරගෙන යන්න ඇති (නි)

:       0       0

කුමාරන Thursday, 06 November 2014 12:09 PM

මේවා අලුතෙන් හදපු ඒවානේ. රිටිගලට ගිහින් බලන්න අපේ හෙළයන්ගේ වැඩ. සුද්දෝ අපේ උරුමයන් විනාශ කළා.අපේ හෙළයා ඔය වැඩ කළේ වසර 2500 කටත් කලින්. (නි)

:       0       0

ඒඩිමන් Thursday, 06 November 2014 12:32 PM

ඒ කියන්නේ කුමාරන, අපි ගල්ගුහාවල හිටියා කියන එකද? (නි)

:       0       0

ලක්ෂ්මන් Friday, 07 November 2014 07:18 PM

අපේ ලංකාවේ නම් මෙහෙම ජීවත්වෙන්නේ හිඟන අය... (නි)

:       0       0

ශාන්ති Friday, 07 November 2014 01:06 PM

හරිම ලස්සනයි. ඒ උනාට බයයි (නදී)

:       0       0

ෆස්රුල් ගෆූර් - කටාර් Thursday, 06 November 2014 01:16 PM

අති සුන්දර ගම්මානයක්. ඉතාමත් පිරිසිදු පරිසරයක්. තරමක බියක් ඇතිකරනවා. අධික වර්ෂාව පවතින දිනවල ඒ බිය දෙගුණ තෙගුණ වනවාට සැකයක් නැහැ. නමුත් අලුත් අත්දැකීමක්. පර්වත යට සාදා තිබෙන කාමර තුළ එම ගල් රත්වන අවස්ථාවල යම්කිසි රස්නයක් තිබෙන්නට පුළුවන් නේද? නමුත් මෙම ඉදිකිරීම් දෙස බලනවිට එම විශාල ගල් සම්බන්ධ කරමින් තම නිවාස තනන්න ඔවුන් දැඩි වෙහෙසක් දරන්න ඇති. මොකද මේ ඔවුන්ගේ ස්ථීර වාසස්ථාන නිසා කිසිවිටක තමන්ට අනතුරක් නොවන ආකාරයට වගබලාගැනීම සඳහා. (නි)

:       0       0

අනුර Friday, 07 November 2014 02:04 PM

ලාංකිකයෝ මේ රටේ ඉන්නවා. ඒ වගේම ලංකාවෙත් පෘතුගාලයට සම්බන්ධ කට්ටිය ඉන්නවා (නි)

:       0       0

සේන Thursday, 06 November 2014 02:17 PM

අපේ වනගත ආරන්‍ය සේනාසනවලින් කොපි කරගත්ත එකක් වගේ, ඒ වුනාට කටාරමක්වත් කොටාගන නැහැ. වැහි වෙලාවට වතුර බිත්ති දිගේ යනවා ඇති. (හේ)

:       0       0

මුතු Friday, 07 November 2014 03:35 AM

හරිම ලස්සනයි.(හේ)

:       0       0

සිල්වා Thursday, 06 November 2014 03:10 PM

මම මේ නගරය චිත්‍රපටියකින් මීට පෙර දැකලා තියෙනවා. හරිම ලස්සන නගරයක්. යුරෝපීය ජාතිකයන් ජීවිතය, ජීවිතය තුළින් දකිනවා. ඔහුන් මුදල් පසුපස හඹායන්නේ නැහැ. නිදහස් නිරවුල් සාමකාමී ජ්විතයක් තමයි ගෙවන්නේ. මගේ මිතුරන් සිටිනවා යුරෝපයේ ගොඩක් රටවල. ඒ අයගේ සිතුම් පැතුම් හරි වෙනස්. ඒ වගේම හරිම බුද්ධිමත්. (නි)

:       0       0

චන්දන‍ Thursday, 06 November 2014 03:14 PM

පරිසරකාමී වැදගත් මිනිස්සු අපේ රටෙන් ඇරියා නම් හරි. නවීන ක්‍රමයට ගල් ටික පුපුරවලා, පොළව මට්ටම් කරලා, පුළුල් මංමාවත් දාලා, තෙකලා විදුලිය සපයලා, ආඩම්බරයක් දැනෙන නමක් දාලා වැඩේ පටන්ගනීවි (නි)

:       0       0

නිහාල් විතානගේ Thursday, 06 November 2014 03:29 PM

සමන්,ප්ර්තුගලයේ වැඩිය මිනිස්සු පෙන්න නැ යුරෝපයේ දියුණු රටවලට රැකියා සදහා යන නිසා. (බ)

:       0       0

අශෝකා Thursday, 06 November 2014 07:44 AM

පරිසරයටත් මිනිසාටත් අහිතකර බලපෑම් බොහොම අඩු, හරිම ලස්සන ඡායාරූප ටිකක් දකින්න ලැබීම ගැන ස්තූතියි! (නි)

:       0       0

සේනක Friday, 07 November 2014 03:03 PM

හරිම ලස්සනයි!(හේ)

:       0       0

ලීලා Thursday, 06 November 2014 03:47 PM

මෙහි ඇති කිසිම ගලක බුලත් කොලේ හෝ අලියා ලකුණ හෝ මනාප අංක නැත.(බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 161 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 683 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 132 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site