අධික වර්ෂාව හේතුවෙන් කෙන්යාවේ පුද්ගයන් 200 ක් පමණ මියගොස් ඇතැයි එරට රජය පවසයි.
වගා බිම් අක්කර 8 000ක් පමණ විනාශ වී ඇති අතර තවත් බොහෝ අලාභ හානි සිදුවී ඇති බව සඳහන් වේ.
ගංවතුර හා නාය යෑම් හේතුවෙන් බොහෝ පිරිස් අවතැන් වී ඇත.
නයිල් හා නසෝයා ගංගා පිටාර ගලා ඇති අතර වික්ටෝරියා විලෙහි ජල මට්ටම ඉහල ගොස් ඇත.
මැයි මාසය පුරාම වර්ෂාව පවතිනු ඇතැයි කාලගුණ විද්‍යාඥයෝ අනතුරු අඟවා තිබේ.
මෙම අයහපත් කාළගුණික තත්ත්වය අප්‍රිකානු මහාද්වීපයේ නැගෙනහිර රටවල් කිහිපයකටම බලපා ඇත.
රුවන්ඩාවේ 45දෙනකු පමණ ද සෝමාලියාවේ 16 දෙනකු ද ගංවතුර හේතුවෙන් මියගොස් ඇතැයි වාර්තා වේ.
උගණ්ඩාවේ බටහිර ඇතිවූ ගංවතුර හේතුවෙන් රෝහලක රෝගීන් 200ක් පමණ සිරවී සිටින බව වාර්තා වි තිබේ.
නැගෙනහිර අප්‍රිකානු රටවල ජනතාව කොවිඩ් - 19 වසංගතය හේතුවෙන් සහ පළඟැටි ආක්‍රමණ හේතුවෙන් ද පීඩා විඳිති.
කෙනයාවේ මේ වනවිට කොරෝනා රෝගීන් 582ක් වාර්තා වී ඇති අතර මරණ 26ක් සිදුවී තිබේ.
(බීබිසී ඇසුරිණි - 085)

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.