සන්තොසමක් ලෙස ලැබුණු ලොතරැයි පතකින් ඩොලර් දහස් ගණනක දිනුමක් ලැබූ වේටර්වරියක් පිළිබඳව එංගලන්තයේ ස්පි‍්‍රන්ෆීල්ඞ්හි නගරයෙන් වාර්තාවේ. ඇය අවුරෝරා කේප්හාට් (25) නැමැති තරුණයකි. ඇය කොන්වේ අවන්හලේ වේටර්වරියක් ලෙස කටයුතු කරයි.
අවහන්හලට නිතර පැමිණෙන එක් ගනුදෙනුකරුවෙක් ඇයට සන්තොස්සම් ලෙස කෙනෝ වාසනා ටිකට් පත් දීමට පුරුදු වී සිටියේය. දිනක් ඔහු ඇයට ටිකට් පත් කිහිපයක් ලබා දී දෙකක් තෝර ගන්නා ලෙස පවසා තිබේ. ඇය ඉන් දෙකක් තෝරා ගෙන ඇත.
පසුව ලොතරැයි දිනුම් ඇදීම පරීක්‍ෂා කිරීමේදී ඇයගේ එක් ලොතරැයි පතකට ඩොලර් 5 (රුපියල් 655) ක්ද අනෙකට ඩොලර් 17500 (රුපියල් ලක්ෂ 23)ක්ද දිනුම් ලබා තිබිණ. ගනුදෙනුකරුවාට මෙය පැවසීමෙන් ඔහු මහත් සතුටට පත් වී ඇත. ඇය නැවත ලොතරැයි පත ඔහුට ලබා දුන් නමුදු ඔහු එය ප‍්‍රතික්ෂේප කර තමාගේ අත්සන තබා ගන්න ලෙස පවසා තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිටිගල හැමදේම පටලවාගෙන (නි)
කැමැත්තෙන් දීපු දෙයක් නැවත බලාපොරොත්තු වීම මනුස්සකමක් නොවන බවට සන්තෝසම දුන්නු කෙනා හොද ආදර්ශයක් දුන්නේ (නි)
නියම කතාව, (නි)
පවර් බෝල් තිබෙන්නේ ඇමරිකාවේ නේද? (නි)
ගොඩක් හොද මනුසත්වයෙක්. (නි)
මිලානෝ, මොනවා කියන්නද කට හදන්නේ? (නි)
කොච්චර හොද ,ගුණ යහපත් මනුස්සයෙක්ද? ඔහුට තිළිණයක් පිරිනැමිය යුතුයි. (නි)
පිටිගල කියන්නේ ඉස්සර ලංකාවේ ඇල්පිටිය පැත්තේ තිබුණු හද්දා පිටිසර ගමක්. දැන් කුරුදු සල්ලි නිසා තරමක දියුණුවක් ලබලා. ඊට අල්ලපු ගම තමයි අමුගොඩ. පිටිගල මිලානෝ ලියන අදහස් දැක්කම මට පෙනෙනේනේ පිටිගල මිලානෝ වල හිටියට 'ගොඩේ කෙනෙක්' වගේ (නි)
ලංකා ඔය දන්නවද පිටිගල ඉන්න පෙත්තට දැන් හිම වැටෙන්න ළගයි.(නදී)
අපුරු තර්කය...මෙම ක්‍රමයට මුදල් සාක්කුවේ තිබ්බත් කියන්න පුළුවන් මුදල් මගේ ළඟ තිබුනේ නැහැ, සාක්කුවේ තිබුනේ කියලා. (ස)
පොඩි ගානක් නේ?(අ)