මීටර් 400 ක් පළල අති විශාල ග‍්‍රහකයක් අද (9) පෘථිවිය අසලින් ගමන් කළේය. ‘2005වයියූ55’ යනුයෙන් නම් කළ එම ග‍්‍රහකය, පෘථිවිය පසු කළේ ශ්‍රී ලංකා වේලාවෙන් අලූයම 4.58 ට පමණය.සඳත් පෘථිවියත් අතරින් එම ග‍්‍රහකය ගමන් කළේ පෘථිවියේ සිට කිලෝ මීටර් තුන්ලක්‍ෂ විසිපන්දහසක් දුරින් යැයි ඇමෙරිකාවේ නාසා ආයතනය පෙන්වා දෙයි.පෘථිවිය සමඟ ගැටීමේ අවධානමක් නැති බව ඇමෙරිකා විද්‍යාඥයන් කල් තියා සහතික වුව ද ලෝක වාසී සැවොම ග‍්‍රහකය ගැන උනන්දුවක් දැක්වූහ. පෘථිවිය අසලින් ගමන් කළ බව පැවැසුව ද ‘2005වයියූ55’ ග‍්‍රහකය පියවි ඇසට නොපෙණුනු අතර, තාරකා විද්‍යාඥයන් එය නිරීක්ෂණය කළේ දුරේක්ෂ භාවිත කරමින්ය. විශාල ප‍්‍රමාණයේ ග‍්‍රහක පාථිවිය අසලින් ගමන් කරන්නේ ඉතා කලාතුරකින් නිසා ග‍්‍රහක පිළිබඳ අධ්‍යනය කිරීමට, ‘2005වයියූ55’ ග‍්‍රහකය බෙහෙවින් උපකාරී වූ බව ද නාසා විද්‍යාඥයෝ වැඩි දුරටත් කියති.වසර 30 කට පසුව ග‍්‍රහකයක් පෘථිවියට ඉතා සමීපව ගමන් කළ අවස්ථාව මෙය බවත්, ඉන්පසු ග‍්‍රහකයක් පෘථිවිය අසලින් ගමන් කරනු ඇත්තේ 2018 වසරේදී බවත් නාසා විද්‍යාඥයෝ පවසති.වෘත්තාකාර හැඩයකින් යුත් ‘2005වයියූ55’ ග‍්‍රහකය, සොයා ගැනුණේ 2005 වසරේදීයි. එය සොයා ගත්තේ ඇමෙරිකා තාරකා විද්‍යාඥ කණ්ඩායමක් ආරම්භ කළ ‘ස්පේස් වොච්’ නමැති අභ්‍යවකාශ ගවේෂණ වැඩසටහන යටතේය. ග‍්‍රහකය සොයා ගත් තාරකා විද්‍යාඥයා වන්නේ රොබට් මැක්මිලන්ය. යම් හෙයකින් ගමන් මඟ වෙනස්වී, පෘථිවියේ ගුරුත්වාකර්ෂණ බලයට හසුවී ‘2005වයියූ55’ ග‍්‍රහකය පෘථිවිය හා ගැටුණි නම් එය පරමාණු බෝම්බ තොගයක් එකවිට පුපුරා හැරීම හා සමාන වනු ඇත. එය මුහුදට වැටුණි නම් මීටර් 20 ක් හෝ 30 ක් උසැති සුනාමි රළ හට ගනු ඇතැයි ඇමෙරිකාවේ ‘ජාතික විද්‍යා පදනමේ’ ප‍්‍රධාන තාරකා විද්‍යාඥයෝ පෙන්වා දෙති.
2025 නොවැම්බර් මස 21
68
0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
167
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1021
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
විශාල ග‍්‍රාහකයක් පොළොවට කි.මී. 3,25,000 ක් දුරින් යයි