IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


විරෝධතා අතරතුරදී ‍ලෙබනනයේ 728 කට තුවාල

ලෙබනනයේ බේරූට් අගනුවර පැවැත්වෙන විරෝධතා අතරවාරයේදී 728 දෙනකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ.

ඉකුත් (4) වැනිදා බේරූට් අගනුවර සිදු වූ දැවන්ත පිපිරීමෙන් 160කට ආසන්න පිරිසක් මියගොස් 6,000කට වැඩි පිරිසක් තුවාල ලැබූහ.
 
ජනාධිපතිවරයාල අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ දේශපාලනඥයන් ඊට වගකිව යුතු යැයි ද දේශපාලන පන්තිය ඇතුළුව පිපිරීමට වගකිව යුතු සියලු දෙනාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතු යැයි ද ඉල්ලමින් ලෙබනන වැසියෝ මෙලෙස අගනුවර විරෝධතාවල නිරත වෙති.
 
ඔවුහු මියගිය පිරිසට සාධාරණය ද ඉල්ලා සිටිති. ලෙබනන අගනුවරට දහස් ගණන් විරෝධතාකරුවන් එක්රැස් වී සිටින අතර පොලිසිය විරෝධතාකරුවන් විසුරුවා හැරීම සඳහා කඳුළු ගෑස් ප්‍රහාර ද එල්ල කළේය.
 
 මාර්ග බාධක පෙරළා දමමින් විරෝධතාකරුවන් පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට පිවිසීමට උත්සාහ කළ අවස්ථාවේදී පොලිසිය එලෙස කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර ඇත.
 
 විරෝධතා අතරවාරයේදී පොලිස් නිලධාරියකු ද මරණයට පත්ව ඇතැයි වාර්තා වේ.
 
රට අර්බුදයෙන් විසඳා ගැනීමට ඇති එකම ක්‍රමය ඉක්මනින් මැතිවරණය පැවැත්වීම යැයි ලෙබනන අග්‍රාමාත්‍ය හසන් දයිබ් පැවැසීය.
 
පිපිරීම සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති අතර මේ වනවිට 19 දෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ.
 
පිපිරීම සිදු වූ ස්ථානයේ තවමත් මුදාගැනීමේ සහ සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක වන අතර මියගිය සහ තුවාල ලැබූ ගණන තවදුරටත් වැඩිවනු ඇතැයි ද පැවසේ.
 
ඒ.එෆ්.පී. / රොයිටර්


055



අදහස් (0)

විරෝධතා අතරතුරදී ‍ලෙබනනයේ 728 කට තුවාල

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 65 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 724 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 346 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site