විරෝධතාකරුවන්ට එරෙහිව හමුදාව යෙදවීමට පවා තමන් පසුබට නොවන බව තුර්කි අගමැති රිසෙප් ටයියිප් එඞ්රෙගොන් ඊයේ (24) ප‍්‍රකාශ කළේය.
මේ වනවිට අගමැති එඞ්රෙගොන්ට සිය ධුරයෙන් ඉවත් වන්නැයි බල කරමින්, ඉස්තාම්බුල් නුවර තක්සිම් චතුරස‍්‍රයටත් ගේසී උද්‍යානයටත් රැුස්ව සිටින විරෝධතාකරුවන් පලවා හැරීමට එරට කැරැුලි මර්දන පොලිසියට අසීරු වී ඇත.
හමුදාව යෙදවීමට තමන් අකමැති නමුත් විකල්පයක් නැතිනම් එසේ කිරීමට සිදුවන බව අගමැතිවරයා වැඩි දුරටත් කියා සිටී.