හදිසි ආපදා තත්ත්වයක් ඇතිවී ගොඩබැසුම් ගියරය කි‍්‍රයාවිරහිතව ගියද මනා නිපුණත්වයකින් යුතුව ගුවන්යානයේ පාලනය තමන් අතට ගෙන රෝද නොමැතිවම එය ගොඩබස්වා යානයේ සිටි මගීන් 400 දෙනා සුරක්ෂිත කිරීමට පසුගියදා ඇමරිකාවේ වර්ජින් ගැලැක්ටික් ගුවන්සේවයේ සේවය කරනා ගුවන්නියමුවෙක් සමත් විය.

‘යානයේ උදරය මත ගොඩබැස්වීමක්‘ (බෙලී ලෑන්ඩින්ග්) නම් වන මේ කි‍්‍රයාවලිය මනා සංයමයකින් යුතුව සිදුකළ යුත්තක් වන අතර කලබල වුවහොත් විනාශයක් අත්විය හැකි බව සඳහන්ය.

ලන්ඩනයේ සිට ඇමරිකාවේ ලොස් ඇන්ජලිස් නුවර බලා පියාසර කරමින් තිබූ මෙම ගුවන්යානයේ දෝෂයක් ඇති බව හෙළිව තිබෙන්නේ ගුවන්ගතවී විනාඩි 30 ක පමණ කාලයක් ගතවූද පසුවය. දෝෂ සහිතව ඇමරිකාව බලා ගමන් කිරීම අනතුරුදායක හෙයින් වහා නැවත හැරී බි‍්‍රතාන්‍යය බලා පැමිණෙන්නැයි පාලක මැදිරියෙන් ලද උපදෙස් මත යානයේ නියමුවා වූ ඩේවිඩ් විලියම්ස් නැවත ලන්ඩනය බලා පැමිණ ඇත.

ආපසු එන ගමනේදී මගීන්ට උද්ගතවී ඇති තත්ත්වය සැකෙවින් විස්තර කරදී තිබෙන ඔහු තමන් කෙරෙහි විශ්වාසය තබන්නැයි කියා තිබේ.

ගුවන්පථය ආසන්න වෙද්දී යානයේ වේගය නියමිත පරිදි අඩු කළ ගුවන් නියමු තැන යානයේ උදරය ගුවන්පථය මත ගැවී නොගැවී යන සේ මද දුරක් පියාසර කොට අවසානයේ සම්පූර්ණයෙන්ම යානය බිමට පහත් කළ බව ගුවන්තොටුපළ සේවකයින් පවසයි. ගිනි පුපුරු විසිවුවද ගින්නක් ඇති නොවූ බවත් වහාම යානය වෙත ගොස් එහි සිටි මගීන්ව පිටතට ගත් බවත් ඔවුන් කියයි.

තම ජීවිත ගලවාගැනීම සම්බන්ධයෙන් ගුවන් නියමුවාට තම ස්තූතිය පුද කිරීමට මගීන් ඔහු සෙවුවද ඔහු ඒ වන විට සිටියේ ගුවන්පාලක මැදිරිය වෙත ගොස් තම වාර්තාව ලබාදෙමින්ය.

පසුව මාධ්‍ය වෙත කෙටි අදහස් පළ කිරීමක් කළ ඩේවිඩ් කීවේ තමන් කළේ තම රාජකාරිය බවයි. ඊට එහා දෙයක් තමා සිදුනොකළ බවත් මගීන්ගේ ස්තූතිය නිහතමානීව භාරගන්නා බවත් ඔහු පැවසීය.

යානයේ දෝශයට හේතුව මේ වන විට අනාවරණයවී තිබෙන අතර යානයේ රෝද කට්ටල වලින් එක් කට්ටලයක් පිටතට ආ නොහැකිව සිරවීම නිසා මෙසේ ගොඩබැසුම් ගියරය හරිහැටි කි‍්‍රයාත්මකවී නැති බව සඳහන්ය.

24512C9200000578-2890093-Close_up_This_image_shows_how_three_quarters_of_the_landing_gear-a-24_1419876808294 24517EA100000578-2891527-Crying_passengers_on_board_a_transatlantic_Virgin_flight_have_ha-a-9_1419963122458 245543B300000578-0-image-m-23_1419961588435 2451455900000578-2891527-Back_on_the_ground_This_is_the_Virgin_Atlantic_jet_during_its_ri-a-8_1419963122433