IMG-LOGO

2024 අප්‍රේල් මස 14 වන ඉරිදා


වියරු වැටුණු ඇමෙරිකන් සෙබළා ඇෆ්ගන් වැසියන් 16 ක් මරා දමයි

වියරු වැටුණු ඇමෙරිකන් හමුදා සෙබළකු පෙරේදා (11) ඉවක් බවක් නැතිව වෙඩි තැබීම නිසා, කුඩා දරුවන් නව දෙනකු ඇතුළු ඇෆ්ගන් සිවිල් වැසියෝ 16 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. එම අවාසනාවන්ත සිද්ධිය වාර්තා වන්නේ ප‍්‍රචණ්ඩත්වය රජයන දකුණු දිග ඇෆ්ගනිස්තානයේ කන්දහාර් ප‍්‍රාන්තයට අයත් පන්ජවායි දිස්ති‍්‍රක්කයේ ඇල්කෝසායි නමැති ගම්මානයේදීය. පන්ජවායි දිස්ති‍්‍රක්කය යනු ඇෆ්ගන් තලේබාන් සටන්කාමීන්ගේ නිජ භූමියයි. ඇමෙරිකන් සෙබළුන් කණ්ඩායමක් පෙරේදා අලූයම දෙකට පමණ පන්ජවායි දිස්ති‍්‍රක්කයේ ඇල්කෝසායි ගම්මානයට පැමිණ එහි සෑම නිවසකටම බලහත්කාරයෙන් ඇතුළු වී තලේබාන් සටන්කාමීන් සිටිත් දැයි සෝදිසි කළ බව ගැමියෝ පවසති. එම සෙබළ කණ්ඩායමේ සිටි සෙබළකු හිටිහැටියේම වියරුවෙන් මෙන් සිවිල් වැසියන්ට වෙඩි තබා ඇත්තේ එම සෝදිසි මෙහෙයුම අතරතුරේදීය. ඔහු නිවාස තුනකට කඩා වැදී වෙඩි තබා ඇත. පළමු නිවසට කඩා වැදී ඔහුකළ වෙඩි තැබීමේදී 11 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. මියගිය පිරිස අතර කාන්තාවෝ තිදෙනෙක් ද සිටිති. සෙබළා වහා අත්අඩංගුවට ගැනීමට හමුදාව කටයුතු කර ඇත. ඔහු හමුදා භට ඛණ්ඩ භාර සාජන්ට්වරයකු බවත්, විවාහකයකු මෙන්ම දියණියන් තිදෙනකගේ පියකු බවත් වාර්තා වේ. තමා සිදු කළ ඝාතන ගැන පසු තැවෙමින්  සෙබළා පසුව හමුදාවට යටත් වූ බව ඇතැම් විදෙස් පුවත් සේවාවලින් වාර්තා විය. සෙබළාගේ අනන්‍යතාව හෙළි වී නැති අතර ඔහු ඉරාක යුද්ධයට ද සම්බන්ධ වූවෙකැයි මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. එහෙත් ඔහු ඇෆ්ගනිස්තානයේ හමුදා සේවයට පැමිණි පළමු අවස්ථාව වී ඇත්තේ මෙය යැයිද වාර්තා වේ. මේ සෙබළාට තවත් සෙබළුන් තිදෙනකුගේ සහාය ලැබුණු බව ගම්වැසියෝ පවසති. එහෙත් ඇමෙරිකා හමුදාව අවධාරණය කර ඇත්තේ එම සිදුවීමට සම්බන්ධ එක් සෙබළකු පමණක් බවය. මේ වෙඩි තැබීමෙන් තවත් සිවිල් වැසියන් බොහෝ දෙනකු තුවාල ලැබූ බවත් ඇෆ්ගනිස්තානයේ තලේබාන් සටන්කාමීන් සමඟ සටන් වදින නේටෝ හමුදාවේ ප‍්‍රකාශකයෙක් පැවැසීය. ඝාතන සිද්ධිය සැලවීමත් සමඟ ඇෆ්ගන් ජනපති හමීඞ් කර්සායි ඇමෙරිකා හමුදාවටත් ජනපති ඔබාමාටත්  තදින් දොස් පැවැරූ බව කාබුල් නුවරින් වාර්තා වේ. මේ සිද්ධියෙන් තමන් දැඩි ලෙස කම්පනයට පත් වූයේ යැයිද ඇෆ්ගන් ජනපතිවරයා පවසා ඇත. මේ ඝාතන ඉතා ‘අවාසානාවන්ත සිද්ධියක්’ යැයි පවසමින් කනගාටුව පළ කිරීමෙන් පළක් නොවන බව ද ජනපති කර්සායි ඇමෙරිකාවට දොස් පවරයි. ඇමෙරිකා ජනපති ඔබාමා ජනපති කර්සායිට දුරකතනයෙන් අමතා පවසා ඇත්තේ සිද්ධිය ගැන තමා දැඩි ලෙස කනගාටුවන බවත් ඒ ගැන ඇමෙරිකා රජය ඇෆ්ගන් රජයෙන් සහ සිවිල් වැසියන්ගෙන් සමාව ඉල්ලන බවත්ය. කෙසේ නමුත් මේ වනවිට හමුදා අත්අඩංගුවේ පසුවන ඇමෙරිකන් සෙබළාට නීති මගින් කටයුතු කර දඬුවම් ලබා දීමක් ගැන ඇමෙරිකා හමුදාව හෝ ජනපති ඔබාමා හෝ  කිසිවක් ප‍්‍රකාශ කර නැත. ඇමෙරිකාව පවසා ඇත්තේ සිද්ධිය ගැන පරීක්ෂණ පවත්වන බව පමණි. ඇමෙරිකා සෙබළුන් වියරු වැටී සිවිල් වැසියන් ඝාතනය කළ පළමු අවස්ථාව මෙය නොවේ යැයි විදෙස් පුවත් සේවා මතක් කර දෙයි. ඇමෙරිකා සොල්දාදුවා සිවිල් වැසියන් ඝාතනය කිරීම ද තලේබාන් සංවිධානයේ දැඩි කෝපයට හේතු වී ඇති අතර ඔවුන් ඊයේ (12) අනතුරු ඇඟවීමක් කළේ ‘මනස විකෘති වූ ඇමෙරිකන් තිරිසනුන්ට’ හොඳ පාඩමක් උගන්වන බවටය. මේ අතර ඇමෙරිකන් සෙබළා සිදු කළ ඝාතනයට විරෝධය පළ කරමින් ගම් වැසියන් සියයකට ආසන්න පිරිසක් ඊයේ  ඇල්කෝසායි ගම්මානය අසල පිහිටි ඇමෙරිකන් හමුදා කඳවුර ඉදිරිපිට රැස්ව සිටිනු දකින්න ලැබුණි. ඇල්කෝසායි ඇමෙරිකන් හමුදා කඳවුර ඉදිරිපිට රැුස්ව සිටින ගම් වැසියෝ සෙබළාගේ වෙඩි පහරින් මියගිය තම සිඟිති දියණියන් දෙදෙනා වෙනුවෙන් කම්පාවන පියෙක්



අදහස් (0)

වියරු වැටුණු ඇමෙරිකන් සෙබළා ඇෆ්ගන් වැසියන් 16 ක් මරා දමයි

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

සිඩ්නි ප්‍රහාරකයා හඳුනා ගැනෙයි
2024 අප්‍රේල් මස 14 2403 0

ඕස්ට්‍රේලියාවේ වෙස්ට්ෆීල්ඩ් බොන්ඩි පළාතේ, සුපිරි වෙළෙඳ සංකීර්ණයක් තුළ පිහි ප්‍රහාර එල්ල කරමින් 6 දෙනකු මරා දැමූ ප්‍රහාරකයා 40 හැවිරිදි ජොඑල් කවුචි නමැ


ඉරානයෙන් ඊශ්‍රායලයට ප්‍රබල ප්‍රහාරයක්
2024 අප්‍රේල් මස 14 4854 0

මිසයිල සහ නියමුවන් රහිත ඩ්‍රෝන යොදා ගනිමින්, ඉරානය ඊශ්‍රායලයට ප්‍රහාරයක් එල්ල කළේය. පැය 24 ක් ඇතුළත, ඉරානයෙන් ප්‍රහාරයක් එල්ල වේවි යැයි සීරුවෙන් සිටි ඊ


ජපානයේ ජනගහන අනුපාතය පහළට
2024 අප්‍රේල් මස 13 76 0

ජපානයේ ජනගහන අනුපාතය යළිත් පහත වැටී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. පසුගිය වසරට සාපේක්ෂව එය සියයට බින්දුවයි දශම 4යි 8කින් පහත වැටී ඇති බව විදෙස් මාධ්‍ය වැඩි


ඊශ්‍රායලයට පහර දෙන්න ඉරාන මිසයිල් සූදානමින්
2024 අප්‍රේල් මස 13 165 0

ඉරානය, ඊශ්‍රායලය වෙත ප්‍රහාර එල්ල කිරීම සඳහා කෲස් මිසයිල 100 ක් පමණ සූදානම් කරගෙන සිටින බව විදෙස් මාධ්‍ය පවසයි.


සිඩ්නි නුවර පිහි ප්‍රහාරයක්
2024 අප්‍රේල් මස 13 2652 0

ඕස්ටේ්‍රලියාවේ සිඩ්නි නුවර ‘බොන්ඩි බීච්’ වෙරළ තීරය ආසන්නයේ සාප්පු සංකීර්ණයක සිදුවුණු පිහි ප්‍රහාරයකින් හය දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.


යන්න හොඳ නැතිම රටක්: පාකිස්තානය
2024 අප්‍රේල් මස 13 187 0

සංචාරය කිරීමට නුසුදුසු අනතුරුදායකම රට ලෙස පාකිස්තානය නම් කිරීමට එක්සත් රාජධානියේ විදේශ, පොදුරාජ්‍ය මණ්ඩලීය සහ සංවර්ධන කාර්යාලය පියවර ගෙන තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 114 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1362 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1311 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site