නයිජීරියාවේ ජනාධිපතිවරණයෙන් එරට විපක්ෂනායක මුහම්මදු බුහාරි ජයගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. කලකට ඉහත හමුදා පාලනයක් ගෙන ගිය බුහාරි වැඩි ඡන්ද ලක්ෂ 20ක් පමණ හිමිකැරගැනීමට සමත්වූයේය.
නයිජීරියා ඉතිහාසයේ විපක්ෂය ජනාධිපතිවරණයක් ජයගත් ප්‍රථම අවස්ථාව මෙයයි. එරට රාජ්‍ය නායකයාව සිටි ගුඩ්ලක් ජොනතන් බුහාරි නව රාජ්‍ය නායකයාට දුරකථනයෙන් සුබ පතමින් තම ධූරයෙන් ඉවත්ව ගොස් සිටියි. මැතිවරණය සම්බන්ධයෙන් චෝදනා රැසක් ඇතත් මැතිවරණ නිරීක්ෂකයන් මැතිවරණය සම්බන්ධයෙන් ප්‍රශංසා කැර ඇතැයි ද විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
නයිජිරියාවේ උතුරු කොටසේ නගර වන කැනෝ සහ කඩුනා වලද බුහාරිගේ ආධාරකරුවෝ විදි බැස නටමින් ගයමින් තම නායකයාගේ ජයග්‍රහණය පිළිබඳ සතුට පලකළහ.
ඉස්ලාම් බොකෝහරාම් කැරළිකරුවන් විසින් නයිජිරියාවට එල්ල වු ප්‍රහාර හේතුවෙන් දහස් ගණනක් මියගියහ. බොකෝහරාම් කැරළිකරුවන් පරාජය කිරීමට නව ජනාධිපතිවරයාට හැකියාව ඇතැයි එරට වැසියන් අතර දැඩි විශ්වාසයක් ඇති බැවින් මැතිවරණය ඔහු ජයගත් බව දේශපාලන විචාරකයෝ කියති.
2025 දෙසැම්බර් මස 18
131
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
950
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
විපක්ෂනායක ජනපති වෙයි
දුමින්ද Wednesday, 01 April 2015 09:49 AM
ත්‍රස්තවාදයට නිසි උත්තර විදිය දෙන - ලංකාවේ නායකයන්ගෙන් අසා-දැන ගන්න. (ර)
කිංස්ලි Friday, 03 April 2015 01:26 AM
මේක නම් හොඳ ආරංචියක් (නි)
කරුණාදාස Wednesday, 01 April 2015 01:31 PM
එහෙම තමයි වාසනාව! (නි)