මිනිසෙකු අභ්‍යවකාශයට යැවීමේ ඉරාන ව්‍යාපෘතිය යටතේ සතෙකුද
ඒ සමාගම අභ්‍යවකාශ ගත කිරීමට සූදානම් වෙයි.

ඒ සඳහා පර්සියා  පූසකු බලධාරීන් විසින් තෝරාගෙන ඇත.

මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වනුයේ  2018 වසරේදිය.
එම තීරණය ගනු ලැබුවේ ඉරානය විසින් වඳුරෙකු අභයාවකාශ ගත කිරීමත් ,වඳුරා නැවත පෘථීවියට සාර්ථකව පැමිණීම රඟපෑමක් බවත් එහි ඡායාරූප එකිනෙකට පරස්පර විරෝධි බවත්  ආදී වශයෙන් විවිධ චෝදනා එල්ල වීම නිසාය.

මේ දෙස බටහිර රටවල් අවධානයෙන් සිටින අතර මෙය ඉරානයේ  සුප්‍රසිද්ධ අභ්‍යවකාශ ව්‍යාපෘතියේ තවත් එක් කොටසක් බව පැවසේ.

මෙම අභ්‍යවකාශ ව්‍යාපෘතියේ ප්‍රධානියකු වන මොහොමඩ් ඊබ්‍රහිමි වඳුරාගේ අභ්‍යාවකාශ ගත කිරීම සම්බන්ධයෙන් මාධ්‍ය වෙත තොරතුරු ලබාදීමේදී ඔහු අතින් එම ව්‍යාපෘතියට යොදාගත් වෙනත් වඳුරෙකුගේ ඡායාරූපයක් මාධ්‍යට නිකුත් වීම නිසා  එසේ චෝදනා එල්ල විය.

එම චෝදනා වලට පිළිතුරක් වශයෙන් මෙසේ බළලෙකූ අභ්‍යවකාශ ගත කිරීමට ඉරාන බලධාරීන් සැලසුම් කරති.

 (ඩේලිමේල් ඇසුරෙනි)