ජනපති හියුගෝ චාවේස්ගේ අභාවයත් සමඟ වෙනිසියුලාව සමඟ රාජ්‍ය තාන්ති‍්‍රක සබඳතා ඇතිකර ගැනීමට තම රජය කටයුතු කරනු ඇතැයි ඇමෙරිකා ජනාධිපති බැරැක් ඔබාමා පවසයි.
චාවේස් සැබෑ සමාජවාදී නායකයකු බව තමා ද පිළිගන්නා බව ජනපති ඔබාමා එම අවස්ථාවේදී වැඩි දුරටත් කියා සිටියේය.
චාවේස්ගේ අඩුව පුරවන මීළඟ ජනපතිවරයා සහ ඔහුගේ නව රජය වෙනිසියුලාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කරනු ඇති බවත්, මානව හිමිකම් සුරකිනු ඇති බවත් තම විශ්වාසය යැයි ද ඇමෙරිකා ජනාධිපති ඔබාමා කියා සිටී.
මේ අතර චාවේස්ගෙන් පසු වෙනිසියුලාවේ ‘වෙනසක්’ ඇතිවීම ඇමෙරිකාවේ අපේක්ෂාව යැයි එරට රාජ්‍ය දෙපාර්තමේන්තුව ද නිවේදනය කර ඇත.
බි‍්‍රතාන්‍ය රජය වෙනුවෙන් එරට විදේශ ලේකම් විලියම් හේග් පවසා ඇත්තේ වසර 14 ක් තිස්සේ බලයේ රැඳී සිටි චාවේස්ගේ අඩුව පිරවීමට කිසිවකුට නොහැකි වනු ඇති බවය.
චාවේස් සදාකල් වෙනිසියුලා ජනතාවගේ නායකයා යැයි ද බි‍්‍රතාන්‍ය විදේශ ලේකම්වරයා වැඩිදුරටත් කියා සිටී.
මීට අමතරව රුසියානු ජනාධිපති පුටින් පවසා ඇත්තේ චාවේස් අසහාය නායකයකු කියාය. සෙසු ලෝක නායකයන් ද චාවේස්ගේ අභාවය පිළිබඳ ශෝක පණිවුඩ නිකුත් කර ඇත.
කියුබාවේ හවානා නුවරදී පිළිකා සැත්කමකට භාජන වී යළි වෙනිසියුලාවට පැමිණි චාවේස් මියගිය බව වෙනිසියුලා රජය නිවේදනය කළේ පෙරේදා (5) සවස ය.
හවානා නුවරදී පිළිකා සැත්කමකට භාජන වී මාස දෙකකට ආසන්න කාලයක් අසාධ්‍ය තත්ත්වයේ පසු වූ චාවේස් යළි වෙනිසියුලාවට පැමිණියේ ඉකුත් 18 වැනිදාය.
මියයන විට 58 හැවිරිදි වියෙහි පසුවූ චාවේස් පසුගිය ඔක්තෝබර් 7 වැනිදා පැවැති ජනපතිවරණයෙන් අති විශිෂ්ට ජයක් හිමි කර ගෙන සිටියේය.
චාවේස් සිව්වැනි වරට පිළිකා සැත්කමකට භාජන වූයේ ඉකුත් දෙසැම්බරයේදීය. සැත්කමින් පසු ඔහු පෙනහලූ ආසාදනයකට ලක් විය. නව ධුර කාලය සඳහා චාවේස් දිවුරුම් දීමට නියමිතව සිටියේ ඉකුත් ජනවාරි 10 වැනිදාය. රෝහල් ගත ව සිටි නිසා ඒ අවස්ථාව මඟ හැරුණි.
|
2009 වසරේ ස්පාඤ්ඤයේ පැවැති පස්වැනි ඇමෙරිකා රටවල රාජ්‍යනායක සමුළුවේදී ඔබාමාට චාවේස් හමුවූ අවස්ථථවක් |
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි ඉතින් ඒකට මෙච්චරකල් හිටියෙ? (නි)
ඇමරිකාව මානව හිමිකම් ගැන මතක් කරනවා? (නි)
අපිට කියන්නකෝ අපේ නායකයාගේ සෝක පණිවිඩය.. මොනවාද එයා කියලා තියෙන්නේ කියලා..!(නු)
මහත්තයෝ..බලාගෙනයි (ස)
ඔන්න බළලා මල්ලෙන් පැන්නා. (නි)
ඔන්න ඔන්න වෙනිසියුලාවටත් ඇහැ දානවා. පරිස්සම් වෙලා ඉන්න වෙයි ...(ස)
ප්රජාතන්ත්රවාදය ,මානව හිමිකම් කලින් නොතිබුනා වගේනේ ඔබාමාගේ කතාව. (නි)