වෙනිසියුලා රජයට අයත් වෙබ් අඩවි රැසකට අද (8) සයිබර් ප්‍රහාර මාලාවක් එල්ල විය. වෙනිසියුලා ජනාධිපති නිකොලස් මදුරෝ මහතා ඒකාධිපති පාලනයක් ගෙන යන බවට චෝදනා කරමින් මෙම ප්‍රහාර මාලාව එල්ල කර තිබේ.
‘ද බයිනරි ගාඩියන්ස්’ යනුවෙන් හැඳින්වෙන කණ්ඩායමක් මෙම සයිබර් ප්‍රහාරය එල්ල කර තිබෙන අතර ඉරිදා දිනයේදී වැලෙන්සියා හි පිහිටි හමුදා කඳවුරට ප්‍රහාර එල්ල කරන ලද සන්නද්ධ කණ්ඩායමට සහාය දක්වන බව සඳහන් කරමින් පණිවිඩ ද නිකුත් කර ඇත.
මෙම ප්‍රහාරය එල්ල වන අතරවාරයේදී ජනාධිපති මදුරෝ මහතා ට සහාය දක්වන පිරිස් ද වෙනිසියුලාවේ අගනුවර වෙත පැමිණ තිබේ. විපක්ෂ කණ්ඩායම් පවත්වන විරෝධතා සහ ප්‍රචණ්ඩ ක්‍රියා නවත්වන්නැයි ද ජනාධිපති මදුරෝ මහතාගේ ආධාරකරුවෝ ප්‍රකාශ කරති.
වෙනිසියුලාව මේ වනවිට දැඩි ආර්ථික හා දේශපාලන අර්බුදයකට මුහුණ පා සිටින අතර ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් 100කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්වූහ. බලයේ සිටීමට ඇති අවශ්‍යතාව නිසා ආණ්ඩුව උවමනාවෙන් ම ආර්ථිකය කඩා වැටීමට සලස්වා ඇතැයි විපක්ෂය චෝදනා කරයි.
වෙනිසියුලාවේ ප්‍රධාන රාජ්‍යය වෙබ් අඩවිය, ජාතික මැතිවරණ කවුන්සිලයේ වෙබ් අඩවිය සහ වෙනිසියුලා නාවික හමුදාවේ වෙබ් අඩවිය සයිබර් ප්‍රහාරයට ලක්වූ වෙබ් අඩවි අතර වේ.
(ඒ.එෆ්.පී.-055)
2025 දෙසැම්බර් මස 18
92
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
142
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
944
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වෙනිසියුලාවේ රජයට සයිබර් ප්‍රහාරයක්