විනෝදාංශයක් ලෙස පැන්සල් එකතු කරන සිසුවෙක් ඉන්දියාවේ නව දිල්ලි නුවර සිටියි. ඔහු තුෂාර් ලකන්පාල් නැමැති 15 හැවිරිදි පාසල් ශිෂ්‍යයෙකි.

හතර වැනි වියේ සිට පැන්සල් එතකු කිරීම ඔහුගේ විනෝදාංශයයි. දැනට ඔහු ළඟ රටවල් 40 ක පමණ විවිධ හැඩයේ, විවිධ ප‍්‍රමාණයේ පැන්සල් 14000 කටත් වඩා ඇති බව පැවසේ. ඒ අතුරින් අලංකාර පෙට්ටියක බහා ඇති පැන්සල් 2 ක් ඇති අතර ඒවා බි‍්‍රතාන්‍යයේ දෙවන එළිසබෙත් රැජින පාවිච්චි කරන ලද පැන්සල් දෙකකි. ඔහුගේ පියා පවුම් 400 ක් (රු. 85812) ගෙවා ඒවා මිලට ගෙන ඇත.

ඔහු සතුව ඇති ලොකුම පැන්සල අඩි 8 ක් දිග සහ සෙන්ටිමීටර 29 කින් පළලය. කුඩාම පැන්සල සෙන්ටිමීරට 4 ක් දිගය.

දැනටමත් ඉන්දියාවේ වාර්තාවක් පිහිටු වීමට සමත්ව ඇති ඔහුගේ පැන්සල් එකතුව නොබෝ දිනකින්ම ගිනස් වාර්තාවක් පිහිටුවීමට සූදාණම් බව ඔහුගේ විශ්වාසයයි.

මීට ප‍්‍රථම මෙම වාර්තාවට හිමිකම් කීවේ පැන්සල් 14552 කට හිමිකම් කියූ උරුගුවේ එමිළියෝ එරීනාස්ය. ඔහු පැන්සල් එකතු කිරීම ආරම්භ කර ඇත්තේ 1956 දීය.