ජුනිමස 01 වැනිදා සිට ගුවන් ගමන් බලපත් නොමැති විදේශගත ශ්‍රීලාංකිකයන්ට එම බලපත් ලබා ගැනීමට හැකි චක‍්‍ර ලේඛනයක් විදේශ අමාත්‍යාංශය විසින් නිකුත් කැරිනි. ඊට සමාන්තරව විදේශයකදී ගුවන් ගමන් බලපත් ලබා ගැනීමේදි බල පැවැත්වූ පැරණි නීති අඬංගු 2011 වසරේ ස්ථාපිත කල චක‍්‍ර ලේඛනය අහෝසි වුයේය.

විදේශ ගත ශ්‍රී ලාංකිකයන්ට ගුවන් ගමන් බලපත් ඉල්ලූම් කිරීමේදි මුහුණ දීමට සිදුවූ ගැටලූ සම්බන්ධව ප‍්‍රථම වරට ප‍්‍රංශයේ පැරිස් එකමුතුව ප‍්‍රශ්න ගණනාවක් අඩංගු සංදේශයක් 2015 නොවැම්බරයේ දී මස ප‍්‍රංශයේ ශ්‍රීලංකා තානාපති තිලක් රණවිරාජා මහතාට භාර දීමේ ප්‍රතිඵලය ලෙස එම චක්‍ර ලේඛනය නිකුත් කැරිනි.

මේ අනුව විදේශීය රටක ජීවත් වන ගුවන් ගමන් බලපත ප‍්‍රශ්නයක් වූ  ඕනෑම සරනාගත නොවන ශ්‍රීලාංකිකයෙකුට ගුවන් ගමන් බලපත්‍රයක් ලබා ගැනීමට හැකියාව ලැබේ. මේ ක‍්‍රියා මාර්ගයන් පැහැදිලි කරන රැස්වීමක් පසුගිය 10 වැනි සිකුරාදා තනාපති රණවිරාජා මහතාගේ සහභාගිත්වයෙන් තානාපති කාර්යාලයේදි රැස්වීම පැවැත් විණි.. කලක් තිස්සේ තානාපති කාර්යාලයේ සිදුවී ඇති අකටයුතුකම් රැසක් සමාජයට හෙළිකළ අතර එය ප‍්‍රංශ තානාපති කෙනෙකු ප‍්‍රංශ ඉතිහාසය කළ ප‍්‍රථම හෙළිකිරීමක් ලෙස ඉතිහාස ගත වන්නේය.

ඒ මෙසේය

පසුගිය දිනක වාසුදේව නානායක්කාර මහතා විසින් ඔහු දන්නා හදුනන කෙනෙකුට ලැබිය යුතු ගුවන් ගමන් බලපත‍්‍රයක් ගැන පැමිණිල්ලක් ඉදිරිපත් කළා. එබැවින් ඊට අදාලව අවශ්‍යය පියවර ක‍්‍රියාත්මක කරමින් මේ ගැන සොයා බැලූවා. එවිට මිනිසුන්ට බෙදා දිය යුතු පැරණි පාස්පෝට් 300 කට අධික ප‍්‍රමාණයක් තැන්පත් කළ කාඩ්බෝඩ් පෙට්ටියක් තානාපති කාර්යාලයේ මුල්ලක තිබී සොයා ගැනීමට හැකි වුණා. මෙම සිදුවීම මම පුදුමයට පත් කළා.

ඒ වගේම සෑම දිනකම පාස්පෝට් දෙකක් නැති වූ බව කියමින් නව ගමන් බලපත් ලබා ගැනීමට පැමිණීමද පුදුමයට කරුනක් බවද එමගින් ඇතැමුන් වෙනත් ව්‍යාපාර සිදු කරන බවට ද පැමිණිලි ලැබී ඇති හෙයින් මේ සියලූ දේ සඳහා පරීක්ෂණ කරන අතර ඒ සඳහා සහාය ලබා දෙන ලෙස රැස්ව සිටි පිරිසගෙන් ඔහු ඉල්ලා සිටියේය.

නව චක‍්‍ර ලේඛනයෙන් ලෝකයේ විසිරී සිටින විදේශ ගත ශ්‍රීලාංකිකයන්ට ලැබුණු මෙම සහනය ලබා ගැනීමට මුල් වීම ගැන විදේශයන් හී බොහෝ ශ්‍රීලංකා තානාපතිවරුන් දුරකථනයෙන් ස්තුති කළ බවද ඔහු කීවේය. මේ වැඩට සම්බන්ධ අමාත්‍යංශයේ ලේකම් වරයකු ලෙස මින් පෙර සේවය කර තිබීම මෙම සහයන් දිනා ගැනීමට බෙහෙවින් ඉවහල්වූ බව ද රණවිරාජා මහතා සඳහන් කලේය. මේ පිළිබදව විවිධ පුද්ගලයන් විවිධ විවේචන සිදුකර ඇති බව මට දැන ගැනීමට ලැබුණ ද තමා ඒ කිසි දෙයක් ගනන් නොගන්නා බවත් එම පුද්ගලයන් කවුදැයි තමා නොදන්නා අතරම ඔවුන් කවුදැයි දැන ගැනීමටද අනවශ්‍ය බව ද ශ්‍රීලාංකිකයන් වෙනුවෙන් මෙවැනි සේවයක් කිරීමට ලැබීම ගැන තමන් සතුටු වන බවද හේ පැවසීය.

DSC02290