නයිජීරියාවේ ලාගෝස් හි දේවස්ථානයක් කඩාවැටී 44ට වැඩි පිරිසක් මියයන්නට ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තාකරයි. කඩාවැටුණු සුන්බුන්වලට යටවී සිටි 130ක් පමණ බේරාගත් බවත් එරට හදිසි අවස්ථා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. ටී.බී.ජෝශුවා නමැති ප්‍රසිද්ධ නයිජීරියානු දේශකවරයෙක් මේ දේවස්ථානය පවත්වාගෙන යයි. දේවස්ථානයට තවත් තට්ටු තුනක් එකතුකිරීමේ ඉදිකිරීම් සිදුවෙමින් තිබිය දී මෙලෙස කඩා වැටී ඇත.
සිද්ධිය වාර්තාකිරීමට ගිය මාධ්‍යවේදීන්ටත් සහන සේවකයන්ටත් දේවස්ථානයේ සාමාජිකයන්ගේ කෙණෙහිළිකම්වලට මුහුණ දීමට සිදුවූ බව ද මාධ්‍ය වාර්තාකැර ඇත. එක් වාර්තාකරුවකුගේ කැමරා උපකරණවලට ද හානි සිදුව ඇත.
ජෝශුවා පවසන්නේ දේවස්ථානයට ඉහළින් ඉතා පහතින් කිහිපවරක් කැරකුණු ගුවන් යානයක් මේ කඩා වැටීමට හේතුවවක් වූ බවයි. හදිසි අවස්ථා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන්නේ මූළික සැලැස්මට අනුකූල නොවන ලෙස තවත් තට්ටුවක් එක්කිරීම මේ කඩා වැටීමට හේතුවූ බවයි.
ජෝශුවාගේ දේශන ඇසීමට මේ පල්ලියට දහස් ගණනින් අනුගාමිකයෝ පැමිණෙති.
2025 දෙසැම්බර් මස 30
79
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
733
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
354
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
වදින්න ගිය දේවාලය හිසේ කඩා වැටී 44 ක් මරුට