ලෝකයේ තරු නගරය වන ඇමරිකාවේ ලොස් ඇන්ජලීස්හි නගරවැසියෝ මේ දිනවල ළඟ එතියි  මත පලවී ඇති ප්‍රබල භූමිකම්පාවකට සූදානම් වෙමින් සිටිති.

භූවිද්‍යාඥයින් මත පළ කරන ආකාරයට රික්ටර් මාපක ඒකක 8  ක් පමණ වනු ඇතැයි පැවසෙන මෙම භූමිකම්පාවෙන් ජීවිත හානි 18000 ක් පමණද ඩොලර් කෝටි 25000 දේපළ හානිද සිදුවනු ඇතැයි ගණන් බලා තිබේ.

මේ පෙර සූදානමට ලොස් ඇන්ජලීස් නුවර වැසියන් යොමු කර ඇත්තේ පසුගිය මාස කිහිපය පුරා ලොස් ඇන්ජලීස් නුවර අවටින් වාර්තා වූ කුඩා ප්‍රමාණයේ භූමිකම්පා නිසාය. රික්ටර් මාපක 4 - 5 අතර අගයන්ගේ වූ මෙම භූමිකම්පා නිසා දැනට  100 ක් පමණ අවතැන්ව සිටිති. ඒ හැරෙන්නට බරපතල ගණයේ දේපළ හෝ ජීවිත හානියක් සිදුවී නොමැත.

ලොස් ඇන්ජලීස් නගරය භූකම්පා ඇතිවන ප්‍රදේශයක පිහිටා ඇතැයි භූ විද්‍යාඥයෝ කියති. මෙම ප්‍රදේශයේ ඇති විශේෂත්වය වන්නේ වසර ගණනාවක් කිසිදු භූකම්පනයක් වාර්තා නොවී තිබී එක්වනම එකක් පසුපස එකක් භූ කම්පන සිදුවී අවසානයේ ප්‍රබල භූ කම්පනයක් සිදුවීම බව ඔවුහු පවසති. අතීතයේ ලොස් ඇන්ජලීස් ප්‍රදේශය අවට සිදුවී ඇති භූ කම්පන පිළිබඳ තොරතුරු මේ නිගමනය කරා එළැඹීමට ඔවුහු යොදාගෙන ඇත්තේහ.

එවන් ප්‍රබල භූකම්පනයකට මුහුණ දීමට හැකිවන අයුරින් ලොස් ඇන්ජලීස් නුවර ගොඩනැගිලි බහුතරයක් තනා නොතිබීමද දරුණු ගණයේ ප්‍රතිවිපාක ගෙන දෙනු ඇතැයි භූවිද්‍යාඥයින් අදහස් දක්වයි.

කෙසේවුවත් මෙම මතය තවමත් සියයට සියයක්ම සනාථ වී නොමැති බැවින් කිසිවෙකුත් කලබල විය යුතු නැති නමුත් අවදානමට පෙර සූදානමින් සිටීම සුදුසු යැයි ඔවුන් කියයි.