දැනට ලෝකයේ සත්වෝද්‍යානයක ජීවත් වූ වයස්ගතම හිපපොටේමස් ලෙස සැලකෙන අවුරුදු 65ක් පමණ වයසැති බර්තා මියගොස් ඇති බව පිලිපීනයෙන් වාර්තා වේ.
පිලිපීනයේ මැනිලා සත්වෝද්‍යානයේ ජීවත් වූ බර්තා සත්වෝද්‍යානය ආරම්භ කළ 1959 වර්ෂයේ සිට එහි සිටින බව පාලකයෝ පවසති. ඇය ඒ වන විට සත්හැවිරිදි වියේ පමණ පසුවී ඇත.
බර්තා තණකොළ, පළතුරු සහ පාන් ආහාරයට ගැනීමට ප්‍රිය කළ බවත් ඇය සත්වෝද්‍යානයේ පැරණිම සාමාජිකාවක බවත් සත්වෝ්‍යා අධ්‍යක්ෂක ජේම්ස් ඩිචෙව්ස් පවසයි.
සාමාන්‍යයෙන් හිපපොටේමස් සතකුගේ ආයු කාළය අවුරුදු 40ත් 50ත් අතර වේ.

(බීබීසි පුවත් ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd