නාසා ප්‍රධානින් පවසන්නේ ලෝකයේ විශාලතම රොකට්ටුව සෑදීම වෙනුවෙන් තමන් කැපවී සිටින බවයි. මෙම රොකට්ටුව අඩි 384 ක් උසකින් යුක්ත වන රාත්තල් ලක්ෂ 65ක් බරැතිය. ටොන් 130ක බරක් අභ්‍යාවකාශයට ගෙන යාමේ හැකියාව මේ රොකට්ටුවට ඇත.
මෙම ව්‍යාපෘතියට අදාල මූල්‍යමය ගැටළු මතුවී ඇතැයි අභ්‍යාවකාශ ඒජන්සි පවසා ඇතත් නාසා ආයතනයේ ප්‍රධානීන් පවසන්නේ දැනටමත් මේ රොකට්ටුව යැවීම සම්බන්ධයෙන් ඉතා වැදගත් කාර්යභාරයක් අවසන් කැර ඇතිබවයි.
ඩොලර් බිලියන 12ක් වැයවන මේ ව්‍යාපෘතිය සඳහා මුදල් හිඟවීම හේතුවෙන් රොකට්ටුව සැළසුම්කළ ආකාරයෙන් 2017 දී අභ්‍යාවකාශයට යැවීමට නොහැකිවන බව ද වාර්තා වෙයි.
නාසා පරිපාලක චාල්ස් බෝල්ඩන් පවසන්නේ අඟහරු ග්‍රහයා ගැන විද්‍යාත්මක තොරතුරු සොයා බැලීමට මිනිසුන් යැවීම අරමුණු කරගනිමින් මේ රොකට්ටුව නිපදවන බවයි. මේ ගමනට අවශ්‍ය අභ්‍යාවකාශ රථ හා ඊට අවශ්‍ය පද්ධති සැකසීමටත් දැනටමත් කැපවී සිටින බව බෝල්ඩන් කියයි.
නාසා ආයතනයේ ඉලක්කය වී ඇත්තේ 2030 දී අඟහරු ග්‍රහයා වෙත මිනිසකු යැවීමයි. මේ රොකට්ටුව සෑදීමේ කාර්යය සඳහා බොයිං සමාගම නාසා ආයතනය සමග මේ වර්ෂයේ දී ඩොලර් බිලියන 2.8ක ගිවිසුමකට අත්සන් තබා තිබේ.



COMMENTS
මේ ව්‍යාපෘතිය සාර්ථක වේවායි පතමු. (ස)
බොහොම හොඳයි (නි)
හරිම සතුටුයි නාසා ආයතනය ගැන.. (නි)
ඕවා වැඩක් නැහැ. බලන්නකෝ ළඟදීම අපේ අය තමයි ලෝකයේ ලොකුම රොකට්ටුව යවන්නෙ (නි)
ඒ අය ඉහලට අපේ අය පහලට. (අ)
නියමයි ! මම නම් ගොඩක් ආසයි (නදී)