චීනයේ නිරිත දිග පෙදෙසේ ගුයිසෝ හි ලෝකයේ මෙතෙක් තැනූ විශාලත ම රේඩියෝ දුරේක්ෂය ඉදිකිරීමට කටයුතු කර ඇතැයි චීන මාධ්‍ය වාර්තා කරයි. මේ දුරේක්ෂය මීට 500ක් විෂ්කම්භයකින් යුක්තය.

ලෝකයේ දුරේක්ෂ වර්ග කිහිපයක් තිබේ. අලෝක සංවේදී දුරේක්ෂ, අධෝරක්ත කිරණ ග්‍ර‍හණය කරගන්නා දුරෙක්ෂ හා අභ්‍යාවකාශයෙන් නිකුත් වන්නා වූ වෙනත් සියුම් ශබ්ද සංඥා ග්‍ර‍හණය කරගන්නා ශබ්ද සංවේදී දුරේක්ෂ ඒ අතර ප්‍ර‍ධාන තැනක් ගනී. 

චීන විද්‍යාඥයන් පවසන්නේ මේ දැවැන්ත රේඩියෝ දුරේක්ෂයේ උපකාරයෙන් විශ්වයේ දියුණු ජීවී විශේෂ සිටින්නේ දැයි යන්න පිළිබඳ පරීක්ෂණ වඩාත් ශක්තිමත් කළ හැකි බවයි. රේඩියෝ දුරේක්ෂය අභ්‍යාවකාශයෙන් නිකුත් වන සියුම් ශබ්ද තරංග ග්‍ර‍හණය කර ගනී.

දුරේක්ෂය ඉදිකිරීමට නියමිත පෙදෙසේ පදිංචි කරුවන්ගේ ක්‍රියාකාරකම් හේතුවෙන් දුරේක්ෂයෙන් ග්‍ර‍හණය කරගැනීමට නියමිත ශබ්ද තරංගවලට බාධා එල්ල වීම වළක්වා ගැනීම සඳහා 10,000 ක පමණ පදිංචිකරුවන් පිරිසක් වෙනත් ස්ථානයක පදිංචි කරවීමට කටයුතු කර ඇතැයි ද චීන මාධ්‍ය වාර්තා කරයි.