මෙක්සිකෝවේ ඇමරිකානු දේශසීමාව ආසන්නයේ හටගත් ලැව්ගිනි හේතුවෙන් 3 දෙනෙකු මියගොස් 4 දෙනෙකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ.

ගින්න පැතිරීම හේතුවෙන් හෙක්ටයාර 14,000ක් පමණ විනාශ වී ඇතැයිද, 1,600කට වැඩි පිරිසක් ඉවත් කරනු ලැබ ඇතැයිද බලධාරිහු පවසති.

අධිවේගී මාර්ග කිහිපයක් ද වසා දමා ඇතැයි සඳහන් වේ.

ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනිනිවන භටයින් 150ක් පමණ යොදවා ඇත.

(රොයිටර් පුවත් ඇසුරිණි - 085)