අපි‍්‍රකා රාජ්‍යයක් වන සියේරා ලියෝන්හි 1991 වසරේ සිට 2009 තෙක් කාලයේ පැවැති සිවිල් යුද්ධයේදී දියමන්ති ලබා ගැනීමට එරට කැරැලිකරුවන්ට ආයුධ සපයා දී, මහා පරිමාණයේ මිනිස් ඝාතන සිදු කිරීමට අනුබල දීමේ චෝදනා මත, ලයිබීරියාවේ හිටපු ජනාධිපති චාල්ස් ටේලර්ට, 50 වසරක සිර දඬුවමක් පැමිණවීමට නෙදර්ලන්තයේ එක්සත් ජාතීන්ගේ යුද අපරාධ අධිකරණය පෙරේදා (30) පියවර ගත්තේය.
යුද අපරාධ සහ මානව වර්ගයාට එරෙහි අපරාධ සිදු කිරීමේ චෝදනා සම්බන්ධයෙන් 64 හැවිරිදි හිටපු ජනපතිවරයාට එල්ල කරන ලද චෝදනා 11 ක් ඔප්පු වී ඇති බව එක්සත් ජාතීන්ගේ යුද අපරාධ අධිකරණය ප‍්‍රකාශ කළේ ඉකුත් මාසයේදීය. ඒ වෙනුවෙන් ඔහුට දඬුවම් නියම කෙරුණේ පෙරේදාය.
තමන්ට අවි ලබා දීම වෙනුවෙන් ටේලර්ට වන්දි වශයෙන් දියමන්ති පිරි නැමීමට සියේරා ලියෝන් කැරැුලිකරුවන් කටයුතු කර තිබේ. කැරැලිකරුවන්ගේ බලය පවතින ප‍්‍රදේශවල පතල්වලින් දියමන්ති ලබා ගැනීමට සියේරා ලියෝන් වැසියන් වහලූන් ලෙස යොදා ගත් බව ද වාර්තා වේ.
1
නියාමනයෙන් පස්සේ ත්‍රීරෝද රථ ධාවනයේදී පරණ සෙල්ලම් බෑ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd