සරණාගතයින් පිරිසක් රැගත් බෝට්ටුවක් ලිබියාවේ සබ්‍රතා නගරයට ආසන්න මුහුදේදී ගිලී යෑමෙන් 10දෙනකු පමණ මියගොස් ඇතැයි වාර්තා වේ.
දියේ ගිලෙමින් සිටි 17දෙනකු බේරාගත් බව ලිබියානු ආරක්ෂක අංශ සඳහන් කරයි.
ලිබියාවේ බටහිර වෙරළ තීරය යුරෝපයට සේන්දු වීමේ අරමුණින් ගමන් කරන සරණාගතයින්ගේ ප්‍රධාන ස්ථානයක් බව මාධ්‍ය වාර්තා කර ඇත.
කෙසේ වුවද ඉතාලියේ සහ යුරෝපීය සංවිධානයේ සහාය ලිබියානු වෙරළ ආරක්ෂක භටයන්ට ලැබීමෙන් පසු මෙම තත්ත්වය බොහෝදුරට පාලනය වූ බව බලධාරීහු පවසති.
(රොයිටර් පුවත් ඇසුරිණ - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගඩාෆි ඉන්න කොට ලිබියාව ඇෆ්රිකාවේ සහ ගල්ෆ්වල දියුණු රටක්... ඔන්න ඉල්ලපු නිදහස...
ජෝර්ජ් බුෂ්ගේ කෙරුවාවක්….මිනිහට දැන් සතුටු ඇති ….