ලිබියාවේ බටහිර වෙරළ ආසන්න සුවෙරා නගරයේ සරණාගතයින් පැටවූ ලොරියක දරුවන් හය දෙනකු ඇතුළු අට දෙනකු මියගොස් තිබී හමුවී ඇත.
ලොරියේ සිරවී සිටි තවත් 90දෙනකු බේරා ගත් බවත් ඔවුන්ගෙන් බොහෝ දෙනකු අසාධ්‍ය තත්ත්වයේ පසුවූ බැවින් රෝහල් ගත කළ බවත් බලධාරීහු පවසති.
මස් හා මාළු ගබඩා කරන කන්ටේනරයක මිනිසුන් ගාල් කර තිබී ඇති අතර සුවෙරා නගරය හොරබඩු ජාවාරම්කරුවන්ගේ සහ මිනිස් ජාවාරම්කරුවන්ගේ කේන්ද්‍රස්ථානයක් වන අතර යුරෝපයට ගමන් කරන සරණාගතයින් බෝට්ටු වලට පැටවීමට පෙර රඳවා තබා ගන්නා ප්‍රදේශයක් ලෙස ප්‍රසිද්ධියක් උසුලයි.
අරාබිය, අප්‍රිකාව මෙන්ම පකිස්ථානය සහ බංගලාදේශය යන රටවලින් ද සරණාගතයෝ මෙහි පැමිණෙන අතර ට්‍රිපොලි අගනුවරට කිලෝමීටර් 110ක් පමණ දුරින් සුවෙරා නගරය පිහිටා ඇත.
(රෝයිටර් ඇසුරිනි - 085)

COMMENTS
පව් අහිංසක පුංචි ළමයි. මේවා අනෙකුත් රටවලට හොද පාඩම්. ලිබියාව කොහොම තිබුණු රටක්ද. ගඩාපි දීපු පහසුකම් ලෝකේ මොනම රටකවත් තිබුනේ නැහැ. අලුතෙන් විවාහවෙන ඕනෙම යුවලකට නව නිවසක් නොමිලේ , විකුණන හැම තෙල් බැරලයකින්ම සෑම පුරවැසියෙකුටම ගණනක් බැරවෙනවා ගිණුමට, සුදුකමට රැකියාවක් නොමැතිනම් රැකියාවක් ලැබෙනකම් ඒ වැටුප, ඕනෙම කැමති වාහනයක් ගන්න පුළුවන් අඩක් රජයෙන්, සහ තවත් නොයෙක් දේ. ඒ රටේ හිටපු කාලකන්නි අතලොස්සක් , බටහිර රටවල් සමග කුමන්ත්‍රණය කරලා ඒ මනුස්සයත් මරලා දැම්මා. අද මුළුරටම අපායක් වෙලා. බටහිරයෝ කවදාවත් රටකට නැගිටින්න දෙන්නේ නැහැ. අපි එක තේරුම් ගන්න ඕනේ. ඔවූන් සෑම වෙලාවේම පාලකයෙක් ගැන හොද කියනවනම් , ඒ ඔවූන්ගේ රූකඩයක්.