රුසියානු කාන්තාවක අතින්, ලිබියානු හමුදා නිලධාරියකු ඝාතනය වීමේ සිදුවීමක් මුල්කොට ගනිමින්, ලිබියාවේ ටි‍්‍රපොලි අගනුවර පිහිටි රුසියානු තානාපති කාර්යාලය ඉදිරිපිට ඊයේ (3) විරෝධතා රැලියක් පැවැත්විණි.
විරෝධතා පුවරු අතැතිව සිටි පිරිස කලහකාරීව හැසිරෙමින්, තානාපති කාර්යාල ගොඩනැගිල්ලට කඩා වැදීමට ද උත්සහ කළහ. ආරක්ෂක අංශ මැදිහත් වී ඔවුන් පලවා හැරිය බව ලිබියානු පුවත් සේවා වාර්තා කර තිබේ.
විරෝධතාකරුවන් තානාපති කාර්යාලය ඉදිරිපිට නවතා තිබූ මෝටර් රථවලට ද පහර දී හානි සිදු කර ඇතැයි ද පැවැසෙයි.
විරෝධතාකරුවන් තානාපති කාර්යාල ගොඩනැගිල්ල වට කළ අවස්ථාවේදී, ලිබියානු ආරක්ෂක අංශ වහා කි‍්‍රයාත්මක වී, තානාපති නිලධාරීන්ට ආරක්ෂාව දීමට කටයුතු කළේය.
විරෝධතාකරුවන් පලවා හැරීමෙන් පසු, ලිබියානු අගමැති අලීසෙයිඩාන් මෙන්ම, විදේශ කටයුතු ඇමැති මොහොමඞ් අබ්දෙලාසිස් ද රුසියානු තානාපති කාර්යාලයට ගොස් සිදුවුණු අලාභ හානි ගැන විමසා ලැබූ බව ද වාර්තා වේ.
|
විරෝධතාවට එක්වූ පිරිස |

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කාන්තාව ලෝකේ පරණම රැකියාව කරන කෙනෙක් වෙන්න ඇති.(අ)
මෝඩකම ප්‍රදර්ශනය කිරීමක්,මොකක්ද හේතුව ඝාතනයට ? (නි)
මේ අය කොහොමත් මෙහෙමයිනේ ... (නි)
කාන්තාවක් අතින් ගාතනය වුණා නම් මේ හමුදා නිලධාරියාගෙන් ඇති වැඩේ මොකක්ද? (නි)
සත්ව ගති වැඩියි සත්ව ඝාතන වලට වැඩිය (නි)
මේ අය ඇමෙරිකන් ආයුධ අරගෙන ඔවුන්ගේම නායකයා මරා ගත්තා. (නි)
ඌරෝ කැකුණ තලති.එකිනෙකා මරා ගනිති. හබන් කුකුලෝ ආයුධ විකුණා මගුල් කති. (නි)
ලිබියානුවනි, ඇමරිකානු කුමන්ත්‍රණයට හසුවූ නුබලා සෞභාග්‍යමත් රටක් ගොඩ නගා දුන් ජාතික නායකයා වූ ගඩාපිට කළ දෙයට නුඹලාට දිය යුතු දඩුවම ස්වභාව ධර්මය විසින්ම මතු දිනයක අත්කර දේවි. එතෙක් ඉවසාගෙන ඉන්න. (නි)