අයිඑස් සටන් කාමීන්ගේ ලිබියාවේ පිහිටුවා ඇති කඳවුරකට ඇමරිකානු ගුවන් යානා මගින් එල්ල කළ ප්‍රහාර හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයින් 38 ක් දෙනෙක් මියගොස් ඇතැයි බීබීසි පුවත් සේවය වාර්තා කරයි.
මෙම ගුවන් ප්‍රහාර එල්ලවී ඇත්තේ අයිඑස් සටන් කාමීන්ගේ පුහුණු කඳවුරකටය. මෙම කඳවුර ට්‍රිපොලි නගරයට කිලෝ මීටර් 70 ක් බටහිරින් පිහිටි සබ්රතා හි පිහිටා තිබිණි.
ඇමරිකානු බලධාරින් පවසන්නේ මෙම ගුවන් ප්‍රහාර හේතුවෙන් ජ්‍යෙෂ්ඨ ටියුනීසියානු අන්තවාදියෙකුවු නොරිඩින් චොචේන් ද මිය යන්නට ඇති බවයි.
පසුගිය වසරේදි ටියුනීසියාවට එල්ලවු අයිඑස් ප්‍රහාර දෙකකටම චොචේන් සම්බන්ධ බව ඇමරිකාව කියයි. මෙම ප්‍රහාර දෙකෙන් එකකදී බ්‍රිතාන්‍ය ජාතිකයන් 30 දෙනෙක් ද මරුමුවට පත්වූහ.
අයිඑස් ත්‍රස්තයන් වසරකට පෙර සිට ලිබියාවේ ක්‍රියාත්මක ව සිටිති. ඇමරිකාව පවසන්නේ ලිබියාවේ අයිඑස් සටන් කාමීන් 6000 ක් පමණ සිටිනා බවයි.
ලිබියාවේ හිටපු නායක මුහම්මර් ගඩාපි බලයෙන් පහකල පසු වසර හතරකට වඩා වැඩි කාලයක් එරට ව්‍යාකූල තත්වයක් පවතී. මෙම කාල සීමාවේදී කැරලි කාර කණ්ඩායම් කිපයක්ම එරටදි සටන් මෙහෙයවා ඇති බවත් අයිඑස් සටන් කාමින්ද එයින් එක් කණ්ඩායමක් බවත් වාර්තාවේ.
ඇමරිකානු ආරක්ෂක ලේකම් ඈෂ් කාටර් පසුගිය සතියේදී පැවසුවේ ඇමරිකාව විසින් ලිබියාවේ සිටින සටන් කාමීන් වෙත දිගටම ප්‍රහාර එල්ල කරණ බවයි.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.