ලිබියා නායක කර්නල් මුවම්මාර් ගඩාෆි බලයෙන් නෙරපා දැමීමට බටහිර රටවලින් කැරැලිකරුවන්ට ලැබුණු අවි ආයුධ විශාල ප‍්‍රමාණයක් ලිබියාවේ අසල්වැසියකු වන ඇල්ජීරියාව හරහා හොර රහසේ රැගෙන යෑමට උත්සහ කළ අවස්ථාවකදී ඇල්ජීරියා ආරක්ෂ අංශ අතට පත්විය. ලැබුණු ඔත්තුවකට අනුව එම ආයුධ සඟවා තිබූ ගබඩාව සොයා ගත් බවත් ආයුධ තොගය ලිබියාවෙන් ගෙන යෑමට හැදූ ආයුධ ජාවාරම්කරු සහ ඔහුගේ සගයන්ද අත්අඩංගුවට ගත් බවත් ඇල්ජීරියා ආරක්ෂක අංශ පවසයි. ආයුධ ගබඩාව පිහිටා ඇත්තේ ලිබියා-ඇල්ජීරියා දේශසීමාවේ ඇල්ජීරියාවට අයත් ප‍්‍රදේශයේ කාන්තාර නගරයකය. ගඩාෆි බලයෙන් නෙරපීමේ කැරැල්ල ආරම්භ වූ අවස්ථාවේදී කැරැලිකරුවන්ට අවි ආයුධ ලැබුණේ බි‍්‍රතාන්‍යයෙන් සහ ප‍්‍රංශයෙනි. ලිබියා කැරැල්ල අවසන් වූ පසුව දැන් එම අවි ආයුධ උතුරු අප‍්‍රිකාවේ අල් කයිඩා සටන්කාමීන් අතට පත්වේවි යැයි ඇමෙරිකාව බිය පළ කරයි. තවමත් අවි ආයුධ විශාල ප‍්‍රමාණයක් ඇත්තේ කැරැලිකාර පාර්ශවය සතුවය. එම නිසා ලිබියාවේ නිරන්තරයෙන් අවි ගැටුම් සිදුවන බවත් ප‍්‍රචණ්ඩ කි‍්‍රයා දිනෙන් දින ඉහළ යන බවත් වාර්තාවේ. ගෝති‍්‍රක ජනයා සහ ලිබියා නව රජයේ හමුදා අතර ද අවි ගැටුම් හට ගනී.
2025 දෙසැම්බර් මස 30
28
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
708
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
336
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ලිබියාවෙන් හොරෙන් ගෙන ගිය ආයුධ තොගයක් සොයාගැනේ