පසුගිය සිකුරාදා දිනයේ ලන්ඩන් පාලම අසල ප්‍රහාරය එල්ල කළේ තම කණ්ඩායමේ සාමාජිකයකු විසින් බව අයිඑස් සංවිධානය පවසයි.
එම සංවිධානයට අයත් අමාක් ප්‍රවෘත්ති ඒජන්සිය මේ බව නිවේදනය කළේය.
ජිහාඩ් සංවිධානයට එරෙහිව සටන් කරන රටවල් ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල කරන ලෙස තම සංවිධානය කළ ඉල්ලිමට ප්‍රතිචාරයක් ලෙස මෙම ප්‍රහාරය එල්ල කර ඇති බව එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.
කෙසේවුවද මාධ්‍ය වාර්තා කර ඇත්තේ එම කණ්ඩායම මේ සම්බන්දව කිසිදු සාක්ෂියක් ඉදිරිපත් කර නොමැති බවයි.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයිසීස්ලා බලන්නේ මොනවා හරි මේ ගණයේ සිද්ධියක් වුණාම ඒක තමන්ගේ ගිණුමට බැර කරගන්න. එදා ලංකාවේ අය නම් මෙහෙ වුණු සිද්ධිය නොමිලේම ඒ ගොල්ලන්ගේ ගිණුමට දාලා අත හෝදාගත්තා. අයිසීස්ලාට එතකොට හිතෙන්න ඇති ඒ කාලේ බලධාරීන් තමන්ට හිතවත් කට්ටියක් කියලා.