ජපානයේ ප්‍රධානකොට පිහිටැවුණු මෝරි මෙමෝරියල් පදනම මෙවර ලොව හොඳම නගරය ලෙස ලන්ඩනය තෝරා ගනී.

නිව්යෝර්ක් නගරයෙ දෙවැනි තැනට ද, තෙවැනි තැන පැරිසියට හිමි වෙයි.

ටෝකියෝ නගරයට හිමි වී ඇත්තේ සිව් වැනි ස්ථානයයි.

එම පදනම ලොව සුප්‍රසිද්ධ අගනගර 40ක් තෝරා ආර්ථික, අයෝජන, නව සොයාගැනීම්, සංස්කෘතිය හුවමාරු, නිවාස, පරිසර, ගමනාගමනය, කර්මාන්ත යන ප්‍රධාන උපමාන යටතේ සමාන්තර නිර්ණායක 70ක් නිරීක්ෂණය කර ලොව හොඳම නගරය තෝරයි.

යකඩ ඇණ 12000ක්, රිවට් ලක්ෂ 25ක් ඇති ටොන් 7000ක් බර මීටර 324ක් උසැති ලෝක ප්‍රසිද්ධ යකඩ ගැහැනිය නොහොත් යකඩ කුළුන ඇති පැරිසිය ටෝකියෝ නුවර පරදවා ඉදිරියෙන් සිටී.

මෙම තීරණ අනුඩ මුම්බායට 39 වැනි තැන හිමිවී තිබේ.

මෙම සමීක්ෂණයට තෝරා ගත් ලැයිස්තුවේ කොළඹ නැත.