ලන්ඩන් නුවර ගුවන්තොටුපළේ ධාවන පථය මත කළු ජාතිකයින්ට පක්ෂපාතීත්වය දක්වන කණ්ඩායමක් අද උදෑසන ආරම්භ කරන ලද විරෝධතාවයක් හේතුවෙන් ගුවන් ගමන් සියල්ල අවලංගු කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ලන්ඩන් පොලීසිය පවසන්නේ ධාවන පථයේ සවිකරන ලද තෙපාවකට තම සිරුරු දම්වැල් වලින් බැඳගෙන විරෝධතාවයේ යෙදුණු පුද්ගලයන් නවදෙනකුගෙන් හත් දෙනකු අත්අඩංගුවට ගත් බවයි.

ජාතික හා ජාත්‍යන්තර වශයෙන් කළුජාතිකයන්ගේ ජීවිත සම්බන්ධව බ්‍රිතාන්‍යයේ ප්‍රතිපත්ති වලට විරෝධය පළ කිරීම තම අරමුණ බව විරෝධතාකරුවෝ පවසා ඇත. සරණාගතයින්ට පනවා ඇති ගුවන් ගමන් බාධක ඉවත් කළහොත් මධ්‍යධරණී මුහුද තරණය කර මියයන සංඛ්‍යාව බෙහෙවින් අඩුවනු ඇති බව ඔවුන් පවසා ඇත.