අප්‍රේල් 1වැනිදා ලන්ඩන් නුවර මධ්‍යයේ සිදුවූ භයානක ගින්න ත්‍රස්තවාදීන්ගේ ක්‍රියාවක් නිසා නොව භූගත විදුලි රැහැන් පද්ධතියේ දෝෂයක් නිසා සිදුවූවක් බව සනාතකරන බ්‍රිතාන්‍ය පොලිසිය එම ගින්න මැඩපැවැත්වීම සඳහා අවශ්‍ය සියලු පියවර ක්‍රියාත්මක කර ඇතිබවද පවසයි.
බ්‍රිතාන්‍යයේ සරණාගතයින් ලෙස රජයේ ආධාර ලබමින් ජිවත්වන අරාබි ජාතිකයින්ගේ පවුල්වල තරුණ තරුණයින් 500 කට වැඩි පිරිසක් සිරියාවේ ක්‍රියාත්මක අයිඑස් අයිඑස් ත්‍රස්තවාදී කණ්ඩායම් සමඟ එකතුවීමට ගිය බවත් ඉන් වැඩි පිරිසක් යුද පුහුණුව ලබා හොර රහසේම එංගලන්තය වෙත ආපසු පැමිණි බවත් පසුගියදා වාර්තාවීමෙන් පසුව එංගලන්තය පුරාම ත්‍රස්තවාදී ප්‍රහාර එල්ලවීමේ හැකියාව ඉහල මට්ටමකට පත්ව ඇතිබව ආරක්ෂක අංශ පිළිගත්තේය.
මෙවැනි වාතාවරණයක් යටතේ බදාදා ලන්ඩන් නුවර සිදුවූ ගින්න පිළිබඳව විවිධ කටකතා ඉක්මනින් පැතිරී ගියේය.
ගින්න සිදුවී ලන්ඩන් නුවර මධ්‍යයේ පිහිටි හොර්බෝන් ප්‍රදේශයවටකොට ආරක්ෂක වළල්ලක් ඉක්මනින් පිහිටුවනු ලැබිය. ඒ අසල පිහිටි මහාධිකරණ භුමියේ සිටි විනිසුරුවරුන් ඉක්මනින් ආරක්ෂක ස්ථාන වෙත රැගෙන යනු ලැබිය. සියලුම උසාවි සහ කාර්යාල වසා දමනු ලැබිය.
ගින්න ඇතිවී සුළු මොහොතකින් මුළු පලාතම කළු අප්‍රසන්න දුමකින් වෙලිගිය අතර ඒ අවට පිහිටි ප්‍රධාන නාට්‍ය ශාලා කිහිපයක්ම වසා දැමු අතර ජනප්‍රිය නාට්‍ය දර්ශන බොහොමයක්ම අවලංගු කරනු ලැබිය.
ගින්න මතුවුයේ ප්‍රධාන මාර්ගයේ මැද පිහිටි කුහරයකිනි. වහාම ක්‍රියාත්මකවූ ගිනි නිවන හමුදාව සහ පොලිසිය සම්පුර්ණ ප්‍රදේශයම ඉක්මනින් ආරක්ෂක වැටකින් වෙන් කරනු ලැබිය.
රාත්‍රී 8 වන තුරුම පොලොව යටින් විශාල ගිනිදැල් මතුවනු පෙනෙන්නට තිබුන බව වාර්තා විය.
ලන්ඩන් ගිනි නිවන හමුදාවේ ප්‍රකාශකයෙකු පැවසුවේ ගින්න පැතිරී යාම වැලැක්වීම සඳහා අවශ්‍ය පියවර ගෙන ඇති බවයි.
මෙම ගින්න නිසා ලන්ඩන් නුවර බුගත දුම්රිය සහ බස් ගමනා ගමනය වැඩසටහන් මුළුමනින්ම අඩපනවී ඇතිබව එම සමාගම් පවසා ඇත.
2025 දෙසැම්බර් මස 04
263
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
403
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
388
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
‘ලන්ඩන් ගින්න ත්‍රස්ත වැඩක් නොවේ‘
දුමින්ද Thursday, 02 April 2015 09:56 AM
කරන කලට පව් මීරිය මීසේ -කිරි පෙව් සර්පයන් සිහි වී-සිත් ගිනි ගනී. (ස)