ලිංගික ප්‍රචණ්ඩත්වයට එරෙහි සටනේ ජයග්‍රාහකයන් වු කොංගෝ ජාතික වෛද්‍ය ඩෙනිස් මුක්වේගේ සහ යසිටි ක්‍රියාකාරිනී නාදියා මුරඩ්ට ලබන සඳුදා (10) මේ වසරේ නොබෙල් සාම ත්‍යාගය ලබාදීමට නියමිතය.


නොර්වේජියානු නොබෙල් කමිටුව විසින් පසුගිය ඔක්තෝබර් මාසයේ දී ඔස්ලෝ නුවර පැවති සම්මාන උත්සවයක දී මොවුන් දෙදෙනා ජයග්‍රාහකයන් බවට ප්‍රකාශයට පත් කෙරිණි.


වෛද්‍ය ඩෙනිස් මුක්වේගේ (63) සහ නාදියා මුරඩ්ට (25) වැනි වියේ පසුවෙති.

සිය ශල්‍ය කුසලතා නිසා ‘ඩොක්ටර් ආශ්චර්ය’ නමින් වෛද්‍ය ඩෙනිස් මුක්වේගේ හැඳින්වේ. වසර 20 ක් පුරාවට ඔහු වෛද්‍ය ප්‍රතිකාරවල නිරතව සිටියි. කොංගෝ රාජ්‍යයේ යුද්ධයෙන් පීඩා විදි නැගෙනහිර පළාත්වල කාන්තාවන්ට මුක්වේගේ විසින් ප්‍රතිකාර කර ඇත.
 
(ඒඑෆ්පී ඇසුරෙනි)

(28535)