IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ලංකා මුහුදට එන්න අයිතියක් තිබේලු

ශී‍්‍ර ලංකා මුහුදු සීමාවේ මසුන් මැරීමට තමන්ට සාම්ප‍්‍රදායික අයිතියක් ඇති නිසා එයට ඉඩ සලසා දෙන ලෙස ඉල්ලා ඉන්දියාවේ විදේශ ඇමතිනී සුෂ්මා ස්වරාජ් වෙත පෙත්සමක් භාරදීමට තමිල්නාඩු ධීවරයෝ සැරසෙති.

මේ සම්බන්ධයෙන් විදේශ අමාත්‍යවරිය හා විශේෂ හමුවක් පැවැත්වීමටද ඔවුන් සැළසුම් කර තිබෙන අතර එහිදී ඔවුන් මසුන් මැරීමට යන දිනයන්හිදී ශී‍්‍රලංකා ධීවරයින් එම මුහුදු කලාපයෙන් ඉවත්ව සිටිය යුතු බව ඇයට ඒත්තු ගැන්වීම ඔවුන්ගේ අරමුණයි.

තමිල්නාඩු ධීවරයින් පැමිණ තමන්ට අයත් මත්ස්‍ය අස්වැන්න නෙළාගන්නා බවත්,අනවසර ක‍්‍රම යොදාගෙන මසුන් මැරීම සිදුකරන බවත් ශී‍්‍ර ලංකා ධීවරයින් නගන චෝදනාවයි. ශී‍්‍ර ලංකා නාවික හමුදාව ද නිතරම පාහේ ශී‍්‍ර ලංකා මුහුදු සීමාවට ඇතුලූව මසුන් මරන තමිල්නාඩු ධීවරයින් අත්අඩංගුවට ගැනීම සිදු කළද තවමත් ඔවුන්ව මර්දනය කිරීමට හැකිව නොමැත.

පසුගිය මාර්තු මස මේ සම්බන්ධයෙන් ශී‍්‍රලංකා හා ඉන්දියා නියෝජිත දෙපිරිසක් හා නවදිල්ලියේදී සාකච්ඡා පැවැත්වුනු අතර එහිදී තමන් ශී‍්‍ර ලංකා මුහුදු සීමාවට පැමිණ මසුන් මරණ දින ගණන 90 සිට 83 දක්වා අඩු කරගැනීමටත්, අනවසර ක‍්‍රම යොදාගෙන මසුන් මැරීම නැවැත්වීමටත් ඉන්දියා පාර්ශවය එකඟ විය.

එම එකඟතාවයන් සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා ධීවර ප‍්‍රජාවගෙන් කරුණු විමසා දැනුම් දෙන බව ශී‍්‍ර ලංකා පාර්ශවය දැනුම් දුන්නේය.

තමන් ශී‍්‍රලංකාවේ ප‍්‍රතිචාරය ලැබෙන තෙක් බලා සිටිනවායැයි තමිල්නාඩු ධීවර සංගම් නායකයෙක් පසුගියදා ඉන්දියා මාධ්‍ය වෙත ප‍්‍රකාශයක් සිදුකරද තිබුණි.

 



අදහස් (19)

ලංකා මුහුදට එන්න අයිතියක් තිබේලු

වාසල Wednesday, 22 April 2015 01:55 PM

සෙනරත් පුදුම කෙනෙක් තමයි (නි)

:       0       0

නිම්ෂා Thursday, 23 April 2015 05:50 AM

සිරිමා මැතිනියගේ කාලේ කච්චතිවූ ලංකාවට ගත්ත වගේ තමිල්නාඩුවත් උතුරු පළාත් සබාවට ගැනීමට මෛත්‍රී පාලනය කටයුතු කල යුතුය (ස)

:       0       0

සෙනරත් Wednesday, 22 April 2015 07:49 AM

අල්ලපු ගෙදර අය තරහ කරගෙන හොඳ නැහැනේ. ඔන්න ඔහේ දීලා දාමු. (නි)

:       0       0

රසික Wednesday, 22 April 2015 08:29 AM

සම්ප්‍රදායික අයිතියක් තියනවා කියල ලංකාව් කෑල්ලකුත් ඉල්ලන්න උඩගෙඩි දුන්නේ කාලයක්... මේ ඉල්ලන්නේ වාර්ෂිකව ඩොලර් බිලියන තුනක මත්ස්‍ය සම්පතක්. මේ බෝට්ටු වලින් තමයි ලංකාවට හොර බඩු එන්නෙත්. බෝට්ටු අයිති තමිල්නාඩුවේ දේශපාලකයන්ට. බය නැතුව එන්නේ ඊළගට නිදහස් කරනවා කියල දන්නා නිසා. (බ)

:       0       0

නිපුන් Wednesday, 22 April 2015 03:20 PM

යුද අපරාධ ප්‍රශ්නෙදි ඉන්දියාව ගත්තේ හරි පැත්ත. හමුදාවේ යුද අපරාධ කරපු කිහිපදෙනෙක් ඉන්නවා. නැත්තෙ නෑ.. සාක්ෂි හමුවෙලා තියෙනවනේ. ඒ අයව අත් අඩංගුවට අරගෙන හමුදාවේ ගෞරවය රකින්න ඕනෑ (බ)

:       0       0

රුවන් Wednesday, 22 April 2015 08:41 AM

මේක හරියට තමන් ගෙදර ඉන්න වෙලාවට තමන්ගේ ගෑනිගේ රහ බලන්න දෙනවා වගේනේ!!!! මේ වගේ දේවල් මෙයාල ඉල්ලන්නේ අපේ මිනිස්සු මෙයාල කියන හැම දේම අහන නිසා. (ස)

:       0       0

නාමල් Wednesday, 22 April 2015 09:12 AM

මේවා සාකච්ජා මාර්ගයෙන් විසඳා ගතයුතු ප්‍රශ්න.. අපිට ඉන්දියාව වගේ ප්‍රජාතන්ත්‍රවාදී රටවල් නැතිව බෑ.. මතකනේ චීනා පහුගිය කාලේ අපිව හිරකරපු අය උගුල.. ඒ දූෂිත පාලනය නිමා කරන්න ඉන්දියාව අපිට උදව් කළ එක අමතක කරන්න බෑ (බ)

:       0       0

විපුල Tuesday, 28 April 2015 05:52 AM

දැන් තිබෙන්නේ දෙන යුගය.කලින් තිබුනේ රැකගන්නා යුගයි.

:       0       0

වැකෝ Wednesday, 22 April 2015 04:08 PM

නිවටය දැක්කහම එලුවත් රැවුල දික්කරනවා කපන්න කියල. අපේ පාලකයෝ නිවට දුර්වල අය. (බ)

:       0       0

සෙනරත් Thursday, 23 April 2015 05:20 PM

අපේ රට, අපේ දේශ සීමාව ලෙස සීතා ජාති මමත්වයෙන් යුතුව රැකගත් අපේ රට, පසු ගිය මාස කීපය තුල ආපසු ටිකෙන් ටික බෙදාගෙන යන බව පෙනී යන බැවින් සිත් වේදනාව තුරන් කර ගැනීම සඳහාත් ඔබ සැමගේ අදහස් ප්‍රකාශ කරවා ගැනීම උදෙසාත් මගේ ඉහත වැකිය ප්‍රකාශ කල බව සියලුම මිතුරන් අවබෝධ කර ගනිත්වා. මගේ වැකියට ද්වේශයෙන් කතා කිරීම මා සතුටට පත් කරවන්නකි. (ස)

:       0       0

ශාන් සෞදි Wednesday, 22 April 2015 10:53 AM

සෙනරත් මෙහෙම කියන්නේ එයා අල්ලපු ගෙදර අයට ඕනේ උනාම ගෙදර ඉන්න අයවත් දීල බලා ඉඑන්නවද දන්නෑ අල්ලපු ගෙදර අය තරහ කරගෙන හොඳ නැහැනේ. ඔන්න ඔහේ දීලා දාමු. කියල අනේ මෙහෙමත් (බ)

:       0       0

රසික Wednesday, 22 April 2015 11:02 AM

මේ නාමල් නමින් ලියලා තියෙන කෙනා ඕනෑවට වැඩිය හින්දි චිත්‍රපටි බලන කෙනෙක වෙන්න ඕනෑ. එහෙම නැත්නම් ඔලුව ගලක වැදිලා... (නි)

:       0       0

ගමගේ Wednesday, 22 April 2015 11:24 AM

සෙනරත් ඔබ කිවුව හරි අල්ලපු ගෙදර අය තරහ කර ගන්න හොද නෑ. ඒ නිසා මමත් ඉන්නේ අල්ලපු ගෙදර මට පුළුවන් නම් ඔයාගේ බිරිය, හරි නංගි, අක්කා හරි එවනවද මගේ කාමරේට නැත්නම් මම තරහ වෙයි (බ)

:       0       0

රූපවතී Wednesday, 22 April 2015 08:06 PM

රසික, ඔයා ලියූ ටික නම් නියමයි. (නි)

:       0       0

ප්‍රනාන්දු Wednesday, 22 April 2015 09:12 PM

වාන්ග අයියා වාන්ග! (නි)

:       0       0

ලසිත Wednesday, 22 April 2015 12:23 PM

එක දවසක්වත් දෙන්න ඕනෑ නැහැ. මේ වගේ සුළු දෙයක් හින්දා ඉන්දියාව තරහා වෙනවා නම් එහෙම අයගෙන් ඇති වැඩේ මොකද්ද? තරහාවෙන එකමයි හොඳ. ණය දෙන්නෙ ගිනිපොළියට. අනික යුධ අපරාධ ප්‍රශ්නෙදිවත් අපේ පැත්තට කතා කළේ නැහැනෙ. තව ටික කලකින් ලංකාවට තිබෙන දූපත් එකින් එක ඉල්ලන්න ගනී අපිට ඉඩ මදි කියලා. (නි)

:       0       0

මහින්ද ආර් කිතුල්ගොඩ සී ෂෙල්ස් Monday, 27 April 2015 11:27 AM

නිපුන් ....යුද අපරාද කියන්නේ ...ත්‍රස්තවාදය නැති කරපු එකද .....යුද්දයක් වෙද්දී ....අතරතුර ...සිදුවීම් වෙනවා ඒවා හිතාමතා කරන දේවල් නෙවි. ....දහස් ගණනක් බේරගන්න යද්දී කෙනෙක් දෙන්නෙක් මැරෙනවා....එහෙම නොවුනා නම් ..අදටත් ලංකාව ලේ විලක්....රණවිරුවන් ..කරපු කැපවීමට ....ද්‍රෝහී වෙන්න එපා. ඩයස්පෝරාවේ යාලුවොවත් ඉන්නවද? (ස)

:       0       0

ශාන් සෞදි Wednesday, 22 April 2015 06:43 AM

මුන් හිතාගන ඉන්නව ඇත්තේ ලංකාව කියන්නේ මුන්ගේ අම්මගේ අප්පාගේ බුදලේ කියල වෙන්න ඇති හිගන නඩේ (බ)

:       0       0

සෙනරත් Friday, 24 April 2015 02:33 PM

සිරිමාවෝ මැතිණියගේ කාලයේ අපට කච්චතිව් දුපත ඉන්දියාවෙන් ලබාදුන්නේ ඒ වනවිට ලංකා මුහුදු සීමාවට අයත්ව තිබුණු විශාල ප්‍රමාණයක් ඉන්දියාවට පවරාදීමට වන්දි වශයෙනුයි. අපිට කච්චතිව් ලැබුනාට වඩා දහස් ගුණයක වාසියක් මුහුදු සීමාව වැඩිකර ගැනීමෙන් ඉන්දියාවට ලැබුණා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31256 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13431 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10984 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 86 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 921 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 277 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site